Pythagoras and Punna himi පයිතගරස්‌ යනු සුනාපරන්නයේ පුණ්‌ණ හිමියෝ ද? පෛතගොරස් සුළු ආසියාවේ ටයර් (ty

Pythagoras

Pythagoras and Punna himi
පයිතගරස්යනු
සුනාපරන්නයේ පුණ් හිමියෝ ?

සුළු ආසියාවේ ටයර් (tyer) හි විසූ (ම්)නෙසර්චස් (Mnesarchus) නැමැති පොහොසත් වෙළෙන්දෙක˛ට, වෙළද චාරිකාවනදී හමු වූ පාර්තේනිස් (Parthenis) නැමැති කාන්තාවට දාව සැමෝස් දූපතේදී ක්‍රි.පූ. 530 දී පයිතගරස් උපත ලබා ඇත. ඉගෙනීමට හා දේශාටනයට එකසේ දක්ෂයෙක් වූ පෛතගොරස් මිලේටස් (Miletus)වෙත ගොස් තේල්ස් (Thales) නැමැති සුප්‍රකට දාර්ශනිකයාගෙන් සහ ඔහුගේ ශිෂ්‍ය ඇනෙක්සිමැන්ඩර්ගෙන් (Anaximander) ඉගෙන ගත්තේය. සෘජු කෝණික ත්‍රිකෝනයක, පාද දෙක මත ඇති සමචත˛රස්‍ර දෙකේ වර්ගඵලය; එහිම විකර්ණය මත ඇති සමචත˛රස්‍රයේ වර්ග ඵලයට සමාන බව අදහස් කරන සුප්‍රකට  ප්‍රමේය සොයාගත්තේ පයිතගරස්ය. නමුත් ඔහුගේ හැදෑරීම් ගණිතයට සීමා නොවීය. ඔහු දාර්ශනිකයෙකි. සොක්‍රටීස්-ප්ලේටෝ-ඇරිස්ටෝටල් ආදීන් සහ සමාන්තර බුද්ධිමත˛න් දියුණු කළේ පෛයිතරගොස් හදුන්වාදුන් සංකල්ප වුවත් ඔවුන් කිසිවෙක් හෝ පෛයිතරගොස් ඉක්මවා ගියේද නැත. එබැවින් පෛයිතරගොස්ගෙන් බැහැරව යුරෝපීයන්ට ගෞරවාන්විත අතීතයක් පිළිබදව කතා කිරීමට දෙයක් නැති තරම්ය. ඒ යුරෝපයට දර්ශනය ලෙස යමක් ගෙනහැරපෑ ඈතම විද්වතා ‍පෛයිතරගොස්ය නිසාය. සැබවින්ම ඔහු අවුලවා ලූ ඥාණාලෝකයට පින් සිදුවන්නට නූතන යුරෝපය බිහිවී තිබෙන බව කිව යුත˛ය. මේ පයිතගරස් කවුද ?

සුනාපරන්නයේ පුණ් හිමියෝ
දිනක් ජේතවනාරාමයේ වැඩ විසූ බුදුන් වහන්සේ  හමුවීමට රත් හදුන් ‍ගෙන යාමට ගැල් පන්සීයක් පිරිවරාගෙන පැමිණි  පුණ්ණ නැමැත්තෙක˛ පැමිණියේය. පුණ්ණ බටහිර ප්‍රදේශයක රටක් වූ සුනාපරන්න නැමැති දේශයේ සිට පැමිණ ඇත. බුදුන් වහන්සේ ගෙන් දහම් අසා පැහැදුන පුණ්ණ චූලපුණ්ණ නැමැති සොයුරාට වෙළදාම පවරාදී සැවැත් නුවර ජේතවනාරාමයේ නතර විය. පසු කලෙක පුණ්ණට ආපසු සුනාපරන්න දේශයට වැඩම කිරීමට බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලීය. එහිදී ඇති වූ සංවාදය පුණ්නෝවාද සූත්‍රයේ සදහන්ය.
බුදුන් වහන්සේ - පුණ්ණ සුනාපරන්යේ සිටිනේ සැර-පරැෂ දරැණු මිනිසුන්ය. ඔවුන් ඔබට බැන වැදුන හොත් ඔබ ක˛මක් කරනේද ?
පුණ්ණ - ස්වාමීනි,  මට බැන්නත්, අතින් පයින් හිංසා නොකළ නිසා ඔවුන් හොද පිරිසක් යැයි සිතමි.
බුදුන් වහන්සේ - යම් හෙයකින්, අතින් පයින් හිංසා කළහොත්  ඔබ ක˛මක් කරනේද ?
පුණ්ණ - එසේ කළත්, ගල් කැට වලින් පහර නොදෙන නිසා, ඔවුන් හොද පිරිසක් යැයි සිතමි.
බුදුන් වහන්සේ - යම් හෙයකින්, ගල් කැට වලින් පහරදුන හොත් ?
පුණ්ණ - එසේ කළත්, තියුණු ආයුධ වලින් පහර නොදුන් නිසා ඔවුන් හොද පිරිසක් යැයි සිතමි.
මේ ආදී වශයෙන් පුණ්ණ සුනාපරන්න වාසීන්ගේ හොදක් ස්මත˛ කරමින් පුණ්ණ දිරිමත්ව, මෛත්‍රී සහගතව තම මව් බිමට ගොස් ධර්ම ප්‍රචාරණය කිරීමට සිත˛වා මිස පසුබට වූයේ නැත. එම නිසා බුදුන් වහන්සේද ඒ සදහා අවසර ලබා දුන් සේක. මේ සුනාපරන්නයේ පුණ්ණ කවුද ?
..........................................................................................

යුරෝපයේ විද්‍යාත්මක පදනමක්සහිත ශාස්ත්‍රය කටයුතු සාකච්ඡා කිරීම පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම ඉන්දියාවට පසුකාලීනවය. ක්‍රි. පූ. 900 සිට බ්‍රාහ්මණ, උපනිෂද්, ෂඩ් දර්ශන ආදී බුද්ධි සංවාද නිසා ශාස්ත්‍රීය කටයුතු ඉන්දියාව තුළදී ක්‍රමයෙන් දියුණු විය. නමුත්, සාපේක්ෂව ග්‍රීක දාර්ශනික ප්‍රවාහය ඉංදීය දාර්ශනික ප්‍රවාහයට පසුකාලීන ඕපපාතික ප්‍රභවයකින් යුතු එකකි. එසේම බොහෝ  ග්‍රීක දාර්ශනිකයන්ගේ සංකල්ප සමකාලීන හෝ පුර්වකාලීන ඉංදීය දාර්ශනිකයන්ට පුදුම සහගත ලෙස සමානය. මෙයට හේතුව එකක්අනෙකින් දැනුම හුවමාරු කර ගැනීමද ?  තමන් ලෝකයට දැනුම සැපයූ බව විශ්වාශ කරන යුරෝපීයන් ග්‍රීක්දාර්ශනික ප්‍රවාහය ස්වාධීන මූලයකින් පැවත ඒම පිළිබඳ ආඩම්බර වෙයි. ඇතැම්විට බටහිරයන් එය සුදු මිනිසුන්ට ලෝකය පාලනය කිරීමට ඇති සුදුසුකමක්ලෙස සලකයි. නමුත් සත්‍යය එයද ? ග්‍රීක දාර්ශනික චින්තන ධාරාවේ සමාරම්භකයා වූ පයිතගරස්ඉංදියාවට පැමිණ බුදුදහම හදාරා ඇති අයෙක් බවට බරපතල සැකයක් ඇති කරවන සාධක හමුවී ඇත. බෞද්ධ සූත්‍රවල සඳහන් පුණ් සහ පයිතගරස්දෙදෙනා පුදුම සහගත ලෙස සමානය. වැඩිදුරටත් හදාල විට දෙදෙනා එකම පුද්ගලයකු බවත් තහවුරු විය. පුණ් සහ පයිතගරස්එක්අයෙකු බව සනාත වන සාධක රාශියක්ඇත. පහත දැක්වෙන්‍‍ෙන් එයින්කීපයකි.
පයිතගරස්සහ සුනාපරන්නයේ පුණ් හිමියෝ පිළිබද මූලාශ,
සංයුක්ත නිකායේ පුණ්ණ සූත්‍රය.
පුණ්ණෝවාද සුත්‍රය
මජ්ජිම නිකායට්ඨ කතාව
ථේර ගාථා අටුවාව
දිව්‍යාවදානය
ටිබෙටි  ‍භ්‍යෛෂජය වස්ත˛
සංස්කෘත පුණ්ණෝවදානය
ඇලෙක්සැන්ඩර් පොලිහිස්ටර් නමැති ග්‍රීීක ලේඛකයාගේ වාර්තා
The Original Jesus - එලිටර් ආර් ශ්රෑබර් සහ හෝලිජර් කර්ස්ටන්
පරම විඥාණාර්ථවාදීන්ගේ ප්‍රකාශන -1939
Pythagors and die India_1884-Leopold Vonschroeder
The Pythagoran Golden Verses
The Glorious Deeds of Punna- මහාචාර්ය ජෝ ටෙට්ල්මන්
“ඊසෝප්, ක්‍රස්තියානි කරණය වූ බෝසතානන් වහන්සේ” යනුවෙන් (නාරද-කොලට්)
“පිතග˛රැස්” (නාරද කරැණාතිලක-කොලට්සේනානායක)

පුණ් සහ පයිතගරස් සමකාලීන බව,
පුණ් සහ පයිතගරස් සමකාලීන දෙදෙනෙක˛වීම අවශයෙන්ම තහවුරැ වියයුත˛ය.
බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීම පුණ් මිය ගිය බව පුණ්ණෝවාද සූත්රයේ සඳහන් . ක්‍රි.පූ. 530 දී සෙමෝස් නැමැති දූපතේදී පයිතගරස් උපත ලැබූ අතර,  ක්‍රි. පූ. 495 දී   මෙටෆොන්ටියන්හිදී මියගොස්ඇත. ඊට වසර 9  කට  පසුව ක්රි. පූ. 486[1] දී බුදුන් වහන්සේ පිරිණිවන් පා ඇති සේක. මේ අනුව, පුණ් සහ පයිතගරස්දෙදෙනාම බුදුන් ජීවත්ව සිටියදීම මියගොස්ඇත.  එබැවින් පුණ් සහ පයිතගරස් සමකාලීන බව ඉතා පැහැදිළිය.   
පවුල් පසුබිම
දෙදෙනාම වෙළෙදාමට සම්බන්ධය. පයිතගරස්ගේ පියා සුළු ආසියාවේ ටයර් (tyer) හි විසූ (ම්)නෙසර්චස් (Mnesarchus) නැමැති පොහොසත් වෙළෙන්දෙකි. (ම්)නෙසර්චස් වෙළද චාරිකාවනදී හමු වූ පාර්තේනිස් (Parthenis) නැමැති කාන්තාවට දාව සැමෝස් දූපතේදී ක්‍රි.පූ. 530 දී පයිතගරස් උපත ලබා ඇත. වැඩිවිය පැමිණි පයිතගරස් වෙළෙඳුන් සමඟ චාරිකා කර ඇත. පුණ් බටහිර රටකි සිට සඳුන් වෙළෙදාම සඳහා ඉංදියාවට පැමිණි අයෙක˛ බව පුණ්ණෝවාද සූත්‍රය අනුව තහවුරැ වෙයි. පුණ් හා ඔහුගේ සොහොයුරන්ගේ නැව් ගමන් පිළිබඳ විස්තර පුණ්ණෝවාද සූත්රයේ ඇත.
පුණ්ණගේ රට සහ පෛතගොරස්ගේ රට
පුණ්ණගේ රට පිළිබඳ ඇති භ¸ගෝලීය විස්තර සහ පෛතගරස් විසූ ප්‍රදේශය පිළිබද ඇති ¸ගෝලීය විස්තර ගැලපීම මත දෙදෙනා එකම අයෙක˛ වීම රදාපවතිනු ඇත. සංයුක් නිකායේ පුණ් සූත්‍රය අනුව පුණ් පැමිණ ඇත්තේ "සුනාපරන්න නැමැති දේශයේ" සිටය. සුනාපරන්න යන්නෙහි අදහස සුන් (ශූන්/ හිස්‌) + අපර (බටහිර) + අන්තය (කෙළවර) හෙවත් හිස්බටහිර කෙළවරයි. එසේම "සුන්" යන්නෙහි සතුන් ඝාතනය කරන තැන" යන අදහස ඇත. සමකාලීන ග්රීසිය සත්ව ඝාතන බහුල, සත්ව බිලිපූජා පැවැත්වූ පෙදෙසකි. මේ නිසා ඉන්දියාවට බටහිරින් පිහිටි සුනාපරන්තය යන්නෙහි එක් අදහසක් ලෙස හිස්බටහිර කෙළවර සහ බිලිපූජා පවත්වනන් වෙසෙන බටහිර කෙළවර යන අදහසත් ඇත. මෙම "සුනාපරන්න නැමැති දේශය" කාබාව අවට අරාබිය බව බොහෝ වියත˛න් පිළිගත් සම්මතයයි. මහාචාර්ය ඒ. ඩී. ටී. ඊ. පෙරේරා මහතා සුනාපරන්නය සිනායි අර්ඨදීපය ලෙස පෙන්වාදී ඇත. (Daily News,May 23- june 7 ,2005) මෙට වෙනස්ව, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මක්කම අවට ප්‍රදේශය සහ සුනාපරන්නය එකම තැනක් ලෙස පෙන්වා දෙයි. (2008. ජූනි 25 දිවයින) නමුත්, කාබාව අවට අරාබිය කිසිම යුගයක පුණ්ණ හිමියන් යැයි කිවහැකි අයෙක˛ට යන්තමින් හෝ සමාන පුද්ගලයෙක˛ පිළිබද කිසිදු තොරත˛රැක් නැත. එබැවින් සුනාපරන්න දේශය අරාබිය නොවන වෙනත් තැනක් විය නොහැකිද ? පුණ් හා ඔහුගේ සොහොයුරන්ගේ නැව් ගමන් පිළිබඳ කතා පුණ් පිළිබද ඇති සූත් දේශනා වල සදහන්ය. පුණ් අරාබියේ නම් මෙබඳු නැව් ගමන් තිබීමේ ඉඩකඩක්නැත. අරාබිය වැලිකතරකි. එසේ නම්  ‍ෙද්ධ  ග්‍රන්තවල නිතරම සදහන්වන අපරාන්තය කොතැනක්ද ?
මජ්ජිම නිකායඨිට කතාව අනුව පුණ්ණගෙ ඇරයුමෙන් සුනාපරන්නයට වැඩම කළ බුදුන් වහන්සේ බටහිර ඉංදියාවේ නර්මදා නදී තීරයට පැමිණ එතැනින් ශක්‍රයා සැපයූ යානාවලින් සුනාපරන්නයට වැඩම කර ඇති සේක. සුනාපරන්නය අරාබිය වම් එලෙස නර්මදා නදී තීරයට පැමිණිය යුත˛ නැත. අරාබියට යාමට තක්ෂිලාව හරහා සේද මාවතෙන් යා හැකිය. නමුත් පුණ්ණගේ ගමන් විස්තර අනුව ඔහු නැව් වලින් සහ ගැල් මගින් ඉංදිය‍ාවට පැමිණ ඇති බව පෙනී යයි. එබැවින් පුණ්ණගේ රට අරාබිය නොවන වෙනත් තැනක්ද විය හැකිය. අශෝක අධිරාජ්‍යාගේ ශිලා ලිපි වලත්, දීපවංශයේ ඇති තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු දූතයන් වහන්සේලා වැඩම කළ රටවල් වලටත් අපරාන්තය නැමැති රටක් සදහන්ය. ත්‍රිපිටකයේ සදහන් අපරාන්තයේ පිහිටීම හදුනාගැනීමට, පුණ්ණ විසූ යුගයට ඉතාම ආසන්න කාලයක ලියූ අශෝක අධිරාජ්‍යාගේ 5 වන ගිරි ලිපිය සපයන ආලෝකය සුඵ පටු නැත. එහිඅපලංතා ලෙස රටක් සටහන්ව ඇත්තේ මෙසේය.
 “ හිදසුඛාය වා ධංමයුතසා යොන කංබොජ ගංධාලානං එ වා පි අංනෙ අපලංතා
 අදහස, යවන, කාම්භෝජ, ගාන්ධාර යන මේවා සහ අන්‍යවූ අපරාන්ත දේශයෝ වෙත් නම් ඒවායේ ධර්මයේ යෙදෙන්නොද ....... (අශෝකගේ 5 වන ගිරි ලිපිය)[2]
අශෝකගේ 5 වන ගිරි ලිපියේඅපලංතා ලෙස හදුන්වා ඇත්තේ සංයුක්ත නිකායේ පුණ්ණ සූත්‍රය සහ පුණ්ණෝවාද සුත්‍රය ආදී සූත්‍ර දේශනාවන්වල සදහන් අපරාන්තයම බව පුදුම සහගත ලෙස තහවුරැ වෙයි.  අපලංතා  හෙවත් අපරාන්තය, යවන (සුළු ආසියාවට යාබද ග්‍රීක ජනපද) කාම්භෝජ, ගාන්ධාර යන ආසියානු රාජ්‍යන්ගෙන් වෙන්කර ඊට ඈතින් පිහිටියේය යන අදහසින් අන්‍ය වූ අපරාන්තයෝ ලෙස හගවයි. ‍ෙඒ අනුව, අශෝක ශිලා ලිපියේ ඇති අපරාන්තය සුළු ආසියාවෙන් ඈත කෙළවරක තිබිය යුතු තැනකි. මේ යුගයේ මධ්යධරණී කලාපයේ ග්‍රීක රටවල් සමඟ පාටලීපුත්‍රය සබඳතා පැවැත්වූ බව අශෝකගේ 13 වන ගිරි ලිපියෙන් තහවුරු වෙයි.  එනම්, 13 වන ගිරි ලිපියේ සදහන් අංතෙකිනෙ නැමැති රජු ක්‍රි. පූ. 276-239 අතර  මැසිඩෝනියාවේ රජ කළ ඇන්ටිගෝනස් රජු ලෙස හදුනාගෙන ඇත. මේ නිසා අපාරාන්තය සහ ග්‍රීසිය ලෙස හැදින්වන්නේ එකම තැනක් විය හැකිය. තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු "යෝනක ධම්මරක්ඛි"  නැමැති ග්‍රීක (යෝනක[3]) ජාතික රහතන් වහන්සේ ප්‍රධාන තවත් රහතන් වහන්සේලා පස්නමක් අපරාන්තය නැමැති ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරණයට වැඩම කර ඇති සේක. "යෝනක ධම්මරක්ඛි" ග්‍රීක භික්ෂුවක්බැවින් ග්‍රීක්ප්රදේශයකටම උන්වහන්සේ වැඩම කළාද විය හැකිය.
රුවන්මැලි සෑයේ ධාතු නිධන් කිරීමට ඇලෙක්සැන්ඩ්‍රියාවේ භික්ෂුන් වැඩම කර ඇති බව දීපවංශයේ 18 වන පරිච්ඡේදයේ සදහන්ය. එලෙස දුටුගැමුණු යුගය වන විට ඇලෙක්සැන්ඩ්‍රියාවේ බුදුදහම ප්‍රචලිත කළේ යෝනක ධම්මරක්ඛිත හිමියන් නම් එයින් පැහැදිළිවන්නේ ධම්මරක්ඛිත හිමියන් වැඩම කළ අපරන්තය ග්‍රීසිය බවයි. ධර්මප්‍රදීපිකාවේ සටහනකින් අපරාන්තය යනු ග්‍රීසිය බව තවත් තහවුරු කළ හැකිය. ධර්මප්රදීපිකාවේ අපරාන්තය හෙවත් අපරගෝයානය වෙනම මහද්දීපයක්සේ සලකා ඇත. ගෝයානය අතිවිශාල ගොඩබිමකට කියන නමකි. ඉන්දියාවට ඈතින් පිහිටි අපරගෝයානය සහ දඹදිව අතර කාල පරතරය ධර්මප්‍රදීපිකාවේ මෙසේ දැක්වෙයි.
"
අපරගෝයානයට හිරු නැග එන විට ජම්බුද්දීපයට හිරු මුදුන් වෙයි.  අපරගෝයානයට හිරු බැස යන විට ජම්බුද්දීපයට හිරු මැදියම් රැයයි." මේ අනුව අපරාන්තය (අපරගෝයානය) සහ බුදුන් වහන්සේ වැඩසිටි මගධය අතර කාල පරතරය පැය 6 කි. නැතිනම් පැය 5 කි. නමුත් මක්කම හා ඉන්දියාව අතර ඇත්තේ පැය ˛නකට ආසන්න වෙනසකි. නමුත් ග්‍රීසිය හා මගධය අතර පැය 5 කාල පරතරයක්ඇත. මේ නිසා අපරගෝයානය හෙවත් අපරාන්තය (අපලංතා) වත්මන් ග්‍රීසිය විය යුත˛ය. මේ අනුව, ත්‍රිපිටකයේ සදහන් පුණ්ණ නැමැති පුද්ගලයා විසූ අපරාන්තය සහ පෛතගරස් විසූ ග්‍රීසිය එකම ස්ථානයක් බව පැහැදිළිය. බුද්ධකාලීනව ග්‍රීසියේ (අපරාන්තයේ) වැඩවිසූ පුණ්ණට ඉතාමත් සමාන චරිතයක්ඇති පුද්ගලයා පයිතගරස්. මේ නිසා පුණ් හා පයිතගරස්එක්අයෙක් වීමේ සම්භාවිතාව ඉහල අගයක් ගනී.
පයිතගරස් සහ පුණ්ණ ඉංදියාවට පැමිණීම,
ඉගෙනීමට හා දේශාටනයට එකසේ දක්ෂයෙක් වූ පෛතගොරස් මිලේටස් (Miletus)වෙත ගොස් තේල්ස් (Thales) නැමැති සුප්‍රකට දාර්ශනිකයාගෙන් සහ ඔහුගේ ශිෂ්‍ය ඇනෙක්සිමැන්ඩර්ගෙන් (Anaximander) ඉගෙන ගත්තේය. නමුත් වැඩිදුර අධ්‍යාපනය සදහා ඊජීත්ත˛වේ දියෝනිපලිස් නැමැති පාසලකට ගොස් ඇත. එතැනින් පසු යුගය අපැහැදිළි නමුත් පර්සියාවේ දෙවන කැම්බියස් රජු ක්‍රි. පූ. 525 දී මිසරය ආක්‍රමණය කළ අවස්ථාවේදී පර්සියාවට ගෙන ගිය පෛතගොරස් බැබිලෝනියාවේදී නිදහස ලබා ඇත. (ග්‍රීක දාර්ශනිකයෝ,මහාචාර්ය කලංසූරිය) සමහර විට එහිදී ඉංදියාව සහ බුදුන් වහන්සේ පිළිබද අසා ඉංදියාවට පැමිණ ඇති බවද සිතිය හැකිය.
පෛතගොරස් සහ ඉංදියාව අතර සම්බන්ධය එත˛මා ජීවත් වූ යුගයට ආසන්න යුගවල විසූ ග්‍රීක ගල්ඛකයන්ම සටහන් කර තිබීම වාසනාවකි. කේ. එන්. ජයතිලක මහාචාර්ය වරයා පැරණි බුදු සමය අපෙරදිග ලෝකයට බලපෑම් කල හැටි[4] නමැති ලිපියෙන් ඉංදියානු දර්ශන ග්‍රීක්වරැන්ට උපකාර වූ අයුරැ අනාවරණය කරයි. පයිතගරස් ඉතා ආසන්න යුගයක ජීවත් වූ ඇලෙක්සැන්ඩර් පොලිහිස්ටර් නමැති ග්‍රීක ලේඛකයා සහ ක්රි. . 150 - 216 දී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ විසූ කෙලෙමන්ට්නමැති පඬිවරයකු පයිතගරස්ඉන්දියාවට පැමිණ දර්ශනය හදාල බව වාර්තා කර ඇත[5] 1939 දී පරම විඥනාර්ථවාදීන්ගේ ප්‍රකාශනයක පයිතගරස්ඉංදියාවෙන් දර්ශනය හදාරා ආපසු ග්රීසියට පැමිණි බව පැහැදිළිවම සඳහන් කර ඇත.
…Although Pythagors arrived in India too late to com in to personal contat with Buddha……..(Theosophy report, vol. 27. no-6. 1939)
පරම විඥනාර්ථවාදීන් ‍පෛයිතගරස් පිළිබදව දීර්ඝ වශයෙන් සොයා බලා කරන ලද එම හෙළිදරව්ව Pythagors and die India නැමැති නිබන්ධනයෙන් 1884-Leopold Vonschroeder නැමැති ජර්මන් විද්වතාද අනාවරණය කර ඇත. සෙමොස් හි උපන් පෛතගරස් තරැණ කාලයේදී ඉංදියාවේ ගතකර මිසරය හරහා ඇතැන්ස් වෙත ආපසු පැමිණ ඇති බව On The Pythagorean way of life[6] ග්‍රන්තයේද පැහැදිළි කර ඇත. එම මතයට සංස්කෘත භාෂාවෙන් ලියා ඇති පූර්ණාවදානයේ සදහන් වන අන්දමට පුණ්ණ බුදුන් පිළිබද තොරත˛රැ දැනගෙන ඇත්තේ වෙළදාම සදහා නැවකින් යද්දී සූත්‍ර සජ්ජායනය කරමින් සිටි බුදුන් සරණ ගිය වෙනත් වෙළෙන්දෙක් මගින්ය. පුණ්ණ ගමන් කළ එම නැව මිසර නැවක් විය හැකිය. The Original Jesus  නැමැති සුප්‍රකට ග්‍රන්තයේ ( එලිටර් ආර් ශ්රෑබර් සහ හෝලිජර් කර්ස්ටන්) ද කාශ්මීරයට පයිතගරස් පැමිණි බවත් බුදු දහම හදාරා ඇති බවත් අනාවරණය කර ඇත. මේ නිසා සුපැදිළිවම පෛතගරස් සහ ඉංදීයා අතර සබදතාවයක් තහවුරැ වෙයි. හෙතෙම බුද්ධ කාලීන අයෙක˛ බැවින් ඔහුට බුදුන් වහන්සේ මුණ ගැසීමේ හැකියාව ඉහල සම්භාවිතාවකි. මීට සමාන ලෙස සුනාපරන්ත දේශයේ සිටි පුණ් බුදුන්ගෙන් බණ අසා ආපසු සුනාපරන්ත දේශයට ගිය බව ත්‍රිපිටකයේ සූත්‍ර ගනනාවකම සදහන්ව ඇත. පුණ්ණ පැමිණ ඇත්තේ සදුන් ගෙනියන වෙළදුන් සමගය. මේ වෙළදාම ඔහුගේ පවුළේ ව්‍යාපාරයක් බවත්, පුණ්ණ බුදුන් වහන්සේ සමීපයේ නතර වූ පසු ඔහුගේ සොයුරාට වෙළදාම පැවරෑ බවද  පුණ්ණ සූත්‍රය අනුව පැහැදිළිය. පයිතගරස්ගේ පියාද වෙළෙන්දෙකි. මිසර සොහොන්වලින් ඉංදියාවේ කපු රෙදි හමු වී ඇති බැවින් මිසර වෙළදුන් සමග පයිතගරස් ඉංදියාවට පැමිණීම සත්‍යක් වීමටද ඉඩ ඇත. සොලමන් රජුගේ පුරාවෘත්ත අනුවද සදුන් සහ මොනරැන් රැගෙන යාමට මධ්‍යධරණී නාවිකයන් බටහිර ඉංදීය වරායන් වෙත යාත්‍රා කර ඇත. පයිතගරස් විසූවේ සෙලමන් රජට වසර සිය ගනනක් පසු කාලීනවය. මේ නිසා සදුන් වෙළදුන් සමග ග්‍රීසියේ සිට පයිතගොරස්ද ඉංදියාවට පැමිණි බව පිළිගැනීම අසීරැ නැත. රත් සදුන් ගෙන ඒමට ගැලි පන්සීයක් රැගෙන සැවැත් (ශ්‍රාවස්තිය) නුවරට පැමිණි පුණ්ණට අතරමගදී ‘බුද්ධ’ යන වචනය ඇසී සත˛ටින් ඉපිල ගොස් ජේතවනාරාමයේ දී බුදුන් වහන්සේ බැහැදැක්කේය. බුදුන් වහන්සේ පස්කම් සැපයෙහි පසිදුරන් ඇලෙන අයුරැ සහ එයින් මිදෙන මග පෙන්වමින් කළ දේශනාව සංයුක්ත නිකායේ පුණ්ණ සූත්‍රයයි. දහම් අසා පැහැදීමට පත් පුණ්ණ චූල පුණ්ණ නැමැති තම සොයුරාට වෙළද භාණ්ඩ පවරා දී පැවිදි වී ඇත. ජේතවනාරාමයට ගැල් මගින් පැමිණි පුණ්ණ ලෙස හැදිවූ තැනැත්තා ග්‍රීක දාර්ශණික පයිතගොරස්ම විය හැකි නොවේද ?
පුණ්ණගේ සහ පයිතගරස්ගේ ආරාමික ජීවිත
පුණ්ණගේ සහ පයිතගරස්ගේ ආරාමික ජීවිත එක හා සමානය. ඉංදියාවෙන් පෙරලා ඇතෑන්ස් වලට පැමිණ එතැනින් ටෙරෙන්ටුම් වලට ගිය පයිතගරස්එදා මැග්නා ග්රීසියා ලෙස හැඳින්වු ඉතාලියේ (Croton) වල, ටෙරෙන්ටුම් (torentum) නමැති වෙරළබඩ තැනක ආරාමයක විසීය. සුනාපරන්නයට වැඩම කළ පසු මුලින්ම පුණ්ණ හිමියන් වැඩසිටියේ අබ්බහත්ත[7] නැමැති ආරාමයේය. පසුකලෙක පුණ්ද ඇතෑන්ස් වලින් ටෙරෙන්ටුම් වලට ගිය පයිතගරස්මෙන්, සමුද්රගිරි නම් මුහුදට ආසන්න තැනක ආරාමයක වාසය කළේය. පයිතගරස්පසුව මුහුදු ඝෝෂාව නිසා ටෙරෙන්ටුම් හී මංත්රීවරු විසින් තනාදුන්, වෙරළබඩ කඳුගැටයක වෙනත් ආරාමයකට ගියේය. පුණ් එලෙසින් සමුද් ඝෝෂාව නිසා සමුද්‍රගිරි ආරාමය අතහැර මාත˛ලගිරි නැමැති ආරාමයේ කළක් වැඩ සිටි සේක. පසුව පුණ්ණගේ සොහොයුරෙක් නගරයෙන් ඈත වෙරළබඩ කඳුගැටයක පිහිටි මකුලාරාමයට නැමැති වෙනත් ආරාමයක් පූජා කළ නිසා එතැනට වැඩම කළේය. මේ ආරාම මාරු කිරීම පුදුම සහගතලෙස එක සමානය. පුණ්ණගේ සහ පයිතගරස්ගේ වෙරළබඩ ආරාම ජීවිතය සතුරු කරදර නිසා එක හා සමාන ලෙස නිමා වෙයි. පයිතගරස්හා වෛරයෙන් පසු වූ දේශපාලකයන් පිරිසක්එහි දේශපාලන අවුල් සහගත අවස්ථාවකදී ආරාමය විනාශ කර ඇත. පසුව පයිතගරස්මෙටෆොන්ටියන් නුවරට පැනගත්තේය. මෙලෙසින්ම මකුලාරාමයේ වෙසෙන අතර පුණ් නැවක යමින් සිටි තමන්ගේ අනුගාමිකයන්ට කළ හිරිහැරයක්නිසා  මකුලාරාමයෙන් පිටව ගොස් ඇති සේක. මේ නිසා  පුණ්ණගේ සහ පයිතගරස්ගේ ආරාමික ජීවිත පුදුම සහගත ලෙස එකහා සමාන බව කිව යුත˛.
"ඕදාත වස්ත්‍ර" හෙවත් සුදු ඇඳුම්

පයිතගරස්ගේ මූර්ති, චිත්‍ර හැම එකකම ඔහු සිවුරක්පොරවාගෙන සිටි බව දැකිය හැකිය. ඔහුගේ සහ අනුගාමිකයන්ගේ ඇඳුම සුදු පැහැති එකකි. පුණ්ණෝවාද සූත්රය අනුව පුණ්ණගේ අනුගාමිකයන්ටද "ඕදාත වස්ත්‍ර" හෙවත් සුදු ඇඳුම් ඇඳීමට උපදෙස්දුන් බව සඳහන් . මේ නිසා දෙදෙනාම සුදු සිවුරු ඇඳගත් ශාස්තෘවරු ලෙස සමාන වෙයි. පයිතගරස්නිවසක විසූ අයෙක් නොවේ ග්‍රීසියට ආරාමික ජීවිතය හදුන්වා දුන් ඔහු සුදු වස්ත්‍ර හැදගෙන ශ්‍රාවකයන් පිරිවරාගෙන ආචාර්ය වරයෙක˛ ලෙස පෙනී සිටි අයෙකි. (The Mysteries of Mithras”p’131)

ශ්‍රාවකයන්
බුදුන් වහන්සේ සහ භික්ෂුන් තම අනුගාමිකයන් ශ්රාවකයන් ලෙස හැඳින්වීය. පයිතගරස් තම අනුගාමිකයන් ශ්රවණය කරන්නා යන අරුත ඇති "අකුස්මැටිකොයි (Akusmatikoi) ලෙස හැඳින්වූහ[8]. පයිතගරස්තම ආරාමයේ පුවරුවක "අධ්‍යාත්මික ගවේශනයට නොකමැත්තෝ නොපැමිණෙත්වා"  ( Let no profane enter here) යෑයි ලියා තිබිණි. බුදුන් වහන්සේ තම දේශනා ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවන බව කී සේක. මේ සමානකම්වලට අමතරව පුනර්භවය, ලෝකය ගෝලාකාර බව හා සූර්යකේද්‍රවාදය[9] විශ්වය අනන්ත බවත්, සූර්යා මුලදී ගිණි ග˛ලියක්ව තිබී ක්‍රමයෙන් සිසිල් වී ජීවය පහල වූ බවත්, පෘථිවිය ග්‍රහලෝකයක් බවත්, පළමු වරට යුරෝපයට අනාවරණය කළේ පයිතගොරස්ය. විශ්වය සම්බන්ධව පියිතගරස්ගේ ප්‍රකාශන සප්ත සූර්යද්ගමන වැනි ‍බුදුන් වහන්සේගේ දේශනා වලට පුදුම සහගත ලෙස සමානය. ග්‍රහවස්ත˛ දේවත්වයේ ලා පිදූ ග්‍රීසිය වැනි පයිතගරස්දේශනා කරන ලද තාරකා විද්‍යාත්මක කරැණු පසුකාලීන ඇරිස්ටෝටල් පවා ඉකිමවූ බව කිවයුත˛. ඒවා පුණ් නමැති බුද්ධ පුත්‍රයා ලබාගත් දැනුම මිස වෙන කුමක් ?

 මෛත්‍රීය  සහ සත්ව ඝාතන
 
අතිශය මෛත්‍රී සහගත උතුමෙකු වූ පුණ් තමා ඝාතනය කරන විට පවා මෛත්‍රී කරන බව පැවසූහ. වරක් බල්ලෙක˛ට පහර දෙන අයෙක˛ඇමත˛ පයිතගරස්  ඔය සතාට ගහන්න එපා, උ  කෑගහන විදිහට අනුව ගිය ආත්මෙදි මගේ යාලුවෙක් ඔය” (ඈත ග්‍රීක විද්වතෙක් වූ ඩයොජිනීස් ලෙෆර්ටියස්ගේ සටහනකි) යනුවෙන් කියා ඇත. ඉංදීය ආගමික චින්තකයන් සාකච්ඡාකළ පුනර්භවය පිළිබද ග්‍රීක් චින්තකයන් සාකච්ඡා කර තිබුණේ නැත. අතර පයිතගරස් පුනර්භවය පිළිබද ග්‍රීක්වරැන්ට හදුන්වා දුන් පසුව පවා  පයිතගරස්ගේ දාර්ශණික මැදිහත් වීම ගෙවීයාමට සමාන්තරව, ඇරිස්ටෝටල් ආදීන්ගේ භෞතිකවාදී මත ජනප්‍රිය විය. මෙලෙස සමහර ආගමික සංකල්ප ග්‍රීසියේ හිටිවනම ගෙනහැර පෑවද ඒවායේ ආයුෂ කෙටි වීම දෙස බැලූ විට ඒවා ඉංදියාවෙන් ග්‍රීසියට ගෙන ගිය ඒවා බව සිතිය හැකිය. ග්‍රීක සංස්කෘතිය මත ඉංදීය සංස්කෘතිය ඇසුරේ හැදී වැඩුන සංකල්ප ආදුනික තත්වයේදීම බැහැර වීම පෛතගරස්ටද බලපා ඇත.මාංශ අනුභවය ප්‍රධාන ආහාරක් කරගත් ග්‍රීක්වරැ අතර, පයිතගරස්සත්ව ඝාතනයෙන් තොර නිර්මාංශ භක්ෂකයෙකි. වයින්වලට දේවත්වය ඇතැයි සිතූ ග්‍රීක්වරු අතර පයිතගරස්මත්පැන් පානය නොකළේය.මෙලෙස සාම්ප්‍රධායික ග්‍රීක් සමාජ චර්යාවන්ට වෙනස් ඇවත˛ම් පැවත˛ම්  පෛතගරස්ටද බලපා ඇත්තේ බුදු දහදමේ ඇසුර නිසා විය යුත˛ය.
තමන් සුනාපරන්නයට ආපසු වැඩම කරන බව බුදුන් වහන්සේට දැන්වූ විට පුණ්ණ හිමියන් ගෙන් ඇසූ ප්‍රශ්න වලට දුන් පිළිත˛රැ ඇත˛ලත් පුණ්ණෝවාද සූත්‍රය අනුව පුණ්ණ මෛත්‍රී සහගත වීර්යවන්ත උත˛මෙක් බව පැහැදිළිවෙයි. මෙම පුණ්ණෝවාද සූත්‍රයේ අන්තර්ගතයට ඉතාමත් සමාන ලෙස පෛතගරස්ගේ ඉගැන්වීම් The Pythagoran Golden Verses නමින්  පෛතගරස් සමග මෙටෆොන්ටියන් නුවරට පැනගත් ලීරස් නැමැති ගෝලයෙක් විසින් පද්‍යට නංවා ඇත. The Pythagoran Golden Verses නැමැති එම කාව්‍යයේ පිටපකත් නැවත හමු වීම විශ්මිත සොයා ගැනීමකි. එය 1809 දී  tew. Edvard Berwcle විසින් ඉංග්‍රීසියට පරිවර්ථනය කර ඇත. එම කාව්‍ය අනුව පෛතගරස්ගේ ඉගැන්වීම් සහ මහා කාරැණික ‍බුදුන් වහන්සේගේ ඉගැන් වීම් අතර පුදුම සහගත සමාන කමක් ඇත. ඉහත සියලු තොරතුරු අනුව එකම කාලයේ වාසය කළ ජීවිත කතාව හා චරිත ලක්ෂණ මෙන්ම දේශනා පවා සුවිශේෂී ලෙස සමාන පයිතගරස්හා පුණ් එක්අයෙකු විය යුතුය.
භාවනා සහ දර්ශනය
යුරෝපීයන් යාඥා කළා මිස භාවනා මගින් අධ්‍යත්මික ගවේශනය කළේ නැත. පයිතගොරස්ය සහ අනුගාමිකයන් භාවනා කරමින් කල් ගෙවූ බවට ඇති සදක අනුව එහුගේ ආගමික නිකාය කිසියම් ඉංදීය ආගමික නිකායක ස්වරෑපයකි.  කොම්ස්ටන් නැමැති විශ්ව කොෂයේ පයිතගොරස් හදුන්වා දෙන්නේ ශ්‍රාස්තෘවරයෙක් ලෙසින්ය. සැබවින්ම ගනනින් කීදෙනෙක් බිහිව තිබුනද, යුරෝපයේ පහල වූ ඉංදීය ක්‍රමයේ එකම ශ්‍රාස්තෘවරයා වන්නේ පයිතගොරස්ය. ඔහු යුරෝපයට දර්ශනය නැමැති විශය හදුන්වා දී ඇතිබව කොම්ස්ටන් නැමැති විශ්ව කොෂයේ මෙසේ දැක්වෙයි.
 “This famous religious teacher and mathematician was the first man who called himself a Philosopher. for it was he who invented the philosophy” ( Comption’s Encyclopedia, vol. 19; p.544)
එසේම භාවනා යෝගීන් වූ පයිතගෝරියානුවන් කෙනෙක˛ මරණින් මත˛ නැවත නැවත සත්වයෙක් ලෙස හෝ මිනිසෙක් ලෙස උපදින බව විශ්වාස කළ බවත්, වෙනම විනය නීති වලින් පාලනය වූ බවත් කොම්ස්ටන් විශ්ව කොෂයේ සදහන්ය. මෙතැන ඇති විශේෂත්වය වන්නේ යුරෝපයේ වෙනත් ආගම් හෝ දර්ශන කොම්ස්ටන් විශ්ව කොෂයේ සදහන් පයිතගෝරියානුවන්ට සහමුලින්ම වෙනස් වීමයි. පයිතගොරස් ජීවත් වූ යුගයේ සහ පසුකාලීන කිසිදු යුගයක මරණින් මත˛ නැවත නැවත උපදින බව විශ්වාස කළේ නැති නිසා මේ අදහස්වලදී පයිතගෝරියානුවන් සමාන වන්නේ ‍ෙබෳධයන්ට පමණි. ග්‍රීසියේ විසූ “තෙරපියුට්වරැ” නැමැති අප්‍රකට ආගමික නිකාය ‍‍ෙබෳද්ධයන් බව දැන් තහවුරැ වී ඇත.[10] තෙරපියුට්වරැ පයිතගෝරියානුවන් ගෙන් පැවත එන පිරිසක් විය යුතය. එබැවින් පයිතගෝරියානුවන් සියවස් ගනනාවක්ම ආගමික නිකායක් ලෙස ග්‍රීසියේ ප්‍රචලිතව සිටි බවත් පෙනීයයි.
විශිෂ්ඨ ගණිතාඥයෙක් වූ පයිතගරස්ගේ ජාමිතික සංකල්පවලටද ඉංදීය දර්ශනවල ඇසුර ලැබී ඇති බව හදුනාගෙන ඇත. සුප්‍රකට පයිතගරස්ගේ ප්‍රමේය ශ˛ල්බ සූත්‍ර නැමැති වෛදික සංකල්පයක් මුල්කරගෙන ඇති බව Bhibhutibusan Datta නැමැති පර්යේෂකයා (The Science of Sulbha ,1932) පෙන්වා දෙයි. 3:4:5 ය සංඛ්‍යාත්මක අනුපාතයට විශ්වයේ සකල සියපු දේ ආකෘතිගතව ඇති බව පයිතගරස් අවධාරණය කළේය. වෙනස් නොවන කිසිවක් නොමැති බැවින් එම සත්‍ය පැහැදිළි කිරීමට නොවෙනස් යමක් වශයෙන් සංඛයා උපයෝගීකරගත් නිසා පයිතගරස් හුදෙක් ගණ්තාඥයෙක් නොව ගණිතයෙන් දර්ශනය ඉගැන් වූ උත˛මෙකි. 3:4:5 ය සංඛ්‍යාත්මක අනුපාතය උපයෝගී කරගෙන සියල්ලට පොදු නිත්‍ය වූ ගති ස්භාවයන් ත්‍රිත්වයක් පැහැදිළි කළේය. පයිතගරස්ගේ ඉගැන්වීම් විස්තරාත්මක ලෙස ‍ලේඛනගතව නැතත්, 3:4:5 නියතය අනිත්‍ය-දුක්ඛ-අනාත්ම වැනි බුදු දහමේ ඛේන්ද්‍රීය සංකල්පවලට එය කිසියම් ඥාතීත්වයක් දක්වයි. 3:4:5 නියත අනුපාතයට අනුව පංචාශ්‍ර ත්‍රිත්වයක් මුලු පහේ තරැ ත˛නකින් බද්ධ කර ඇත. මෙම පංචාශ්‍ර විශ්වය සහ එහි ශක්තිය පිළිබිඹු කරන ජාමිතික සැලැස්මකි. බුදුන් වහන්සේගේ විශ්වය හැකිලෙන-දිගහැරෙන-දිගහැරී සහ හැකිලී පවතින යුගය ලෙසත් යුග/ අවස්ථා ත˛නකට බෙදා දැක්වීමට පෙන්ටන සංකල්පය සමානය. එසේම ඔත්තේ සහ ඉරට්ටේ ලෙසත්, සෘජුකෝණාස්‍ර සහ ත්‍රිකෝණ ලෙසත් ආදී වශයෙන් වර්ග කිරිම අදුරක් ඇත්නම් එළියයක් ඇත ආදී වශයෙන් සසරක් ඇත්නම් නිවනක් ඇත ලෙස නිවන පිළිබද කළ පැහැදිළි කරීමට සමානය. මේ අනුව පයිතගරස් අංක ගණිතය සහ ජාමිතිය උපයෝගී කරගෙන බුදුන් වහන්සේ දේශනා කළ දාරශනික සංකල්ප පැහැදිළි කිරීමට උත්සාහ කළේද ? අතිදක්ෂ ලයර් වාදකයෙක් වූ පයිතගරස් 3:4:5 නියත අනුපාතය ස්වර පිහිටුවා
පයිතගරස් වාසය කළ සෙමෝස් දූපතේම ක්‍රි. පූ. 6 සියවස අග වාසය කළ ඊසෝප් නැමැති කතන්දර කියන්නෙක් වටා ගෙතපුරාවෘත්තයක් හෙරඩෝටස් (Herodotus 480-425 b.c.)[11] සටහනක ඇත.පසු කලෙක ඇගලක්සැන්ද්‍රියා විශ්ව විද්‍යාලයේ සිටි ඩිමේට්‍රියස් පැලරිස් නැමැති ලේඛකයා Assemblies of AEsopic Tates නමින් ඊසෝප්ගේ කතා 231 එකත කර කාව්‍ය ග්‍රන්තයක් ලෙස සකස් කර ඇත. ඩිමේට්‍රියස් පැලරිස් ඊසෝප්ගේ කතා ‘කොලියම්බික් සම්ප්‍රධාය’ නැමැති (Choliambic Verse) දිග˛ කතන්දර කෙටි කර දක්වන විරිතකට කාව්‍යට නැංවීම නිසා ඒවායේ මුල් ස්භාවය විනාශ විය. ඩිමේට්‍රියස් පැලරිස්ගේ එම කාව්‍ය විවිධ වෙනස්කම් කරමින් දිගටම භාවිතා විය. එහි කතා වෙනස් කර රෝම අධිරාජ්‍යයේ ක්‍රිස්තියානුවෙක˛ වූ බැබ්රියස් නැමැත්තා ඊසෝප් වහලෙක˛ ලෙස හදුන්වා ඊසෝප්ගේ උපමා කතා නැවත සංස්කරණය කර ඇත. එතැන්න් පසු ශත වර්ෂ ගනනාවක් විවිධ විකෘර්ති කිරීම් කළ ඊසෝප් හුදෙක් කතන්දර කියූ වහලෙක් කර ඇත. පසු කාලීනව හිතා මතාම අලුත් කතාද සිය ගනනක් ඊසෝප්ගේ කතා වලටම එකත˛ කර ඇත.
නමුත් පුදුම සහගත ලෙස ඊසෝප්ගේ මුල්ම කතා සහ ජාතක කතා ආකෘතියෙන් සහ අන්තර්ගතයෙන් එක හා සමානය. ඒවා එකම මූලයකින් ඇති වූ බව පවා කිව හැකිය. මේ සමානකම ඊසෝප්ගේ කතා වලට ලැබුනේ කෙසේද ? ඊසෝප්ගේ ජන්මය සහ ඓතිහාසික බව පිළිබද පරස් පර අදහස් අනුව ඊසෝප් කිසියම් කතන්දර එකතවක් මගින් ගොනු කළ කල්පිත පුද්ගලයෙක් විය නොහැකිද ? මෙයට පිළිතරක් සොයාගත හැකි එකම ක්‍රමය වන්නේ ඊසෝප්ගේ කතා සහ ඊට සමාන ජාතක කතා තලනාත්මකව විග්‍රහ කිරීමෙන් පමණි. මේ පිළිබද පුලුල් ගවේශනයක් කළ රාජනීස් භගවාන් හෙවත් ඕෂෝ කියන්නේ ඊසෝප් යනු බෝසත් යන සංස්කෘත වචනයේ ග්‍රීක ස්වරෑපය බවයි. එය ඉහල වටිනා කමක් සහිත සොයාගැනීමකි. ඊසෝප්ගේ උපමා කතා සහ ජාතක කතා විශ්ලේශනය කරමින් “ඊසෝප්, ක්‍රස්තියානි කරණය වූ බෝසතානන් වහන්සේ” යනුවෙන් (නාරද-කොලට්) අගනා ග්‍රන්තයේ ඊසෝප්ගේ කතා ලෙස අද හදුන් වන්නේ (ග්‍රීසියේ) සෙමෝස් දූපත වෙත පයිතගරස් විසින් ගෙන ගිය ජාතක කතා බව කරැණු සහිතව පෙන්වා දී ඇත. මහාචාර්ය ඇම්. එච් එෆ්. ජයසූරිය මහතාද ඊසෝප්ගේ කතා ජාතක කතා ආදී ඉංදීය කතාවලින් සකස් කරගෙන ඇති බව පෙන්වා දී ඇත.[12] මෙය ඉහලම ශාස්ත්‍රීය අගයකින් තහවුරැ කළ හැකි කරැනක් සේ පෙනෙයි. ඊට හේතව සෙමෝස් වැසියෙක් වූ පයිතගරස් යනු ඉංදියාවට පැමිණි බව සහ බුදුන් වහන්සේගෙන් දහම් අසා ආපසු ගිය පුණ්ණ හිමියන් බව තහවුරැ වීම නිසාය. එසේ නම් ජාතක කතාවල සංකල්පීය පුද්ගලයා වූ බෝසත් නැමැති චරිතය, ඒ කතා කියූ පුද්ගලයා ලෙස ගෙන, ඊසෝගේ කතාලෙස සංෂිප්ත කර ඇත. මේ නිසා ඊසෝප් යනු පෛතගරස් විසින් ග්‍රීසියට ලගන ගිය ජාතක කතා වල බෝසතානන් වහන්සේ නැමැති සංකල්පීය චරිතය මිස වහලෙක් නොවේ.
බුදුන් වහන්සේ ග්රීසියට වැඩම කිරීම
පුණ්ණ ඇරයුමින් බුදුන් වහන්සේ සුනාපරන්නයට වැඩීම යනු ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ පයිතගරස්ගේ ඇරයුමකින් ග්‍රීසියට වැඩම කිරීමක් නොවේද ? මක˛ලාරාමයේ වැඩවෙසෙන අතර පුණ්ණ හිමියන්ගේ දායකයන්ගේ ඉලුලීමක් අනුව, සෘද්ධි බලයෙන් සැවැත් නුවරට වැඩම කළ පුණ්ණ සුනිපරන්නයට වැඩීමට බුදුන් වහන්සේට ආරාධනා කළ බව මඡ්ජිම නිකායට්ඨකතාවේ සදහන්ය. ථෙරගාථා අටුවාවේ මේ ආරාධනය දන්වා ඇත්තේ පුප්ඵ දූතේන(මල් කළඹක්) එවීමෙනි. මජ්ජිම නිකායඨිඨ කතාව අනුව, මේ ගමන සදහා ශක්‍ර දෙවියා බුදුන් වහන්සේ ඇත˛ලු රහතන් වහන්සේලා විමාන පන්සීයක් සූදානම් කළ බව සදහන්ය. මේ කියන විමාන පැහැදිළිවම අහස් යාත්‍රා විශේෂයකි. මේ ගමන සදහා අතර මගදී සච්චබද්ධක නම් පර්වතයට (සච්චබද්ධක පර්වතය, වත්මන් අජන්තා ග˛හා පිහිටි පර්වතය විය හැකිය) පැමිණ එහි විසූ තවුසෙක˛ට දහම් දෙසා, එහි සිරිපත˛ලි සටහනක් ඔබ්බවා ; නර්මදා නදී තීරයට පැමිණ ඇති සේක. ඉන් පසු නර්මදා නදී තීරයේ ටික දිනෙක් නැවතී සිටි අතර එහි විසූ නාග රාජයෙක් බුදුන් වහන්සේට අනුග්‍රහ කර ඇත. නර්මදාවේ නා රජුට අනුග්‍රහ පිණිස නර්මදා වෙරළේ තවත් සිරිපා සටහනක් තබා ඇත. නර්මදාවේ නා රජු නාග ගෝත්‍රයකට අයත් ප්‍ර‍ාදේශීය පාලකයෙක් විය හැකිය. නර්මදාවේ සිට බුදුන් වහන්සේ වැඩම කරන්නට ඇත්තේ ශක්‍රයා පිදූ විමාණ වලින් විය යුත˛ය. නර්මදාවේ නා රජුගෙන් උක්ත විමාණ යානා ඉල්ලා නැත්තේ ඇයි ? ශක්‍රයා කවුද ? මෙය සිදුවන කාලවකවානුව වන විට නර්මදාව තෙක් සිංදු නිම්නයේ බලය පර්සියාවේ එවක අධිරාජ්‍යා වූ මහා සයිරස් විසින් අල්ලාගෙන තිබුණ බව බෙහිස්ථාන් ශිලා ලේඛනය අනුව තහවුරැ වෙයි. මහා සයිරස් රජු සහ අනුප්‍රාත්තිකයන් බුද්ධකාලීන වයඹ දිග ඉංදියාවේ පාලකයන්ය. මවුන් අතිශයින්ම සමෘද්ධිමත් පර්සියානු බලවත˛න් නිසා ඉංදීය සාගරයේ සිට මධ්‍යධරණී මුහුද තෙක් නාවික බලය තිබුනේද  උක්ත පර්සියාවේ අධිරාජ්‍යන්ටය. එසේනම් බුදුන් වහන්සේට සුනාපරන්නයට වැඩීමට යාත්‍රයා සැපයාදිය හැකි එකම පුද්ගලයා පර්සියානු අධිරාජ්‍යයා විය යුත˛ය. එබැවින් සුනාපරන්නයට වැඩීම සදහා බුදුන් වහන්සේට විමාණ සැපයූ ශක්‍රයා සහ මහා සයිරස් රජු එක් අයෙක් විය යුත˛ය.ඉහත විස්තර අනුව අප දැනට ගවේශනය නොකළ අතීතයක්පිළිබඳ තොරතුරු හමුවෙයි. පුණ් ලෙස පාලි ධර්ම ග්‍රන්ථවල හඳුන්වා ඇත්තේ ග්රීක ජාතික දාර්ශනික පයිතගරස්. එසේම පුණ්ණ ඇරයුමින් බුදුන් වහන්සේ සුනාපරන්නයට වැඩීම යනු ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේ පයිතගරස්ගේ ඇරයුමකින් ග්‍රීසියට වැඩම කිරීමකි. එදා පයිතගරස් විසූ මැග්නා ග්‍රීසියාවේ කෙ‍්‍රා්ටෝන්වලට බුදුන් වහන්සේ වැඩම කිරීම කිසිදු ග්‍රීක ලේඛනයක සටහන්ව නැත. ක්‍රිස්තියානි වරැ සහ මුස්ලිම්වරැන් විහාරස්ථාන සහ පොත්පත් විනාශ කිරීම නිසා ග්‍රීසියේ ‍ෙබෟද්ධ අතීතය අධ්‍යනය කිරීම දුෂ්කර වී ඇත. යුරෝපයේ ශාස්ත්රීය කටයුතුවල සමාරම්භක ඈත ග්‍රීක විද්වතා පයිතගරස්. මේ නිසා ග්‍රීක ශිෂ්ටාචාරයේ බැබලවීම පුණ්ණ නැමැති බුද්ධ පුත්‍රයෙකුගේ මුල පිරීමකි.

ලලින්ද් සන්නස්ගම
...................................................................................
පාදක ලිපි
1. අරාබියට බුදුදහම රැගෙන ගිය සුනාපරන්නයේ පුණ්ණ හිමි: දිවයින,  2008.ජූනි 25
2. පයිතගරස් යනු පුණ්ණ හිමියෝද ? දිවයින, 2009.ඔක්. 21
3. ධර්මය සර්පිලය හා විශ්වශක්තිය: ඉරිද්‍රා ලංකාදීපය, 2008. නොවැ. 23
4.පයිතගරස් හෙවත් පුණ්ණගේ ඇරයුම්න් බුදුන් වහන්සේ ග්‍රීසියට වැඩියේද ?



[1] ක්‍රි. පූ. 268 දී අශෝක රජු අභිෂේක වී ඇත.ඊට වසර 218 පෙර බුදුන් පිරිණිවන් පා ඇති බව මහාවංශය හා දීපවංශය අනුව තහවුරැ වන නිසා, ක්‍රි. පූ. 486 දී බුදුනු වන්සේ පිණිවන් පා ඇති සේක.

[2] අශෝක ශිලා ලේඛන, බෙල්ලන ඥාණවිමල හිමි.

[3] සුලු ආසියාබද අයෝනියා නැමැති ග්‍රීක දූපතේ නමින් ග්‍රීක් වරැ යවන ලෙස හැදින් වීය.

[4]  වික්‍රමාරච්චි අභිනන්දන ග්‍රන්තය: ගම්පහ ආයුර්වේදද විද්‍යාලය.

[5] The Original Jesus - එලිටර් ආර් ශ්රෑබර් සහ හෝලිජර් කර්ස්ටන්

[6] On The Pythagorean way of life,1992; John Dollon and Jakson Hersbell

[7] අජ්ජුහත්ත ලෙසද අටුවාවල ඇති එහි තේරැම අහස අතින් ගතහැකි කන්ද යන්නයි.

[8] පිතග˛රැස්-54-55; නාරද-කොලට්

[9] On The Pythagorean way of life,1992; John Dollon and Jakson Hersbell
[10] The Original Jesus - එලිටර් ආර් ශ්රෑබර් සහ හෝලිජර් කර්ස්ටන්
[11] “ඊසෝප්, ක්‍රස්තියානි කරණය වූ බෝසතානන් වහන්සේ” : නාරද කරැණාතිලක-කොලට්සේනානායක, 97 පි.
[11] “ඊසෝප්, ක්‍රස්තියානි කරණය වූ බෝසතානන් වහන්සේ” : නාරද කරැණාතිලක-කොලට්සේනානායක, 47 පි. (කල්පනා- 1956 ඇසුරෙනි)


ටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටට