Pythagoras and Punna himi පයිතගරස්‌ යනු සුනාපරන්නයේ පුණ්‌ණ හිමියෝ ද? පෛතගොරස් සුළු ආසියාවේ ටයර් (ty

Saturday, November 13, 2010



ශිෂ්ටාචාරයේ උපත සහ සිංහලයන්


ලෝකයට දියුණු තාක්ෂණික දැනුම එක තැනකින් බෙදා දුන්නේද, නැතිනම් වෙන වෙනම සොයා ගත්තේද? ලෝකයේ මෙතෙක්බිහිවූ විශිෂ්ටතම ශිෂ්ටාචාරවලින් ශ්‍රී ලංකාවේ ඉපැරැණි සංස්කෘතිය සහ සිංහල ජනයා බිහි වූයේද, නැතිනම් ස්වාධීනව සංවර්ධනය වීද? මේ රහස අනාවරණය කර ගැනීමට ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හඳුන්වන මොසපොතේමියා ශිෂ්ටාචාරයේ ප්රභවය පරීක්ෂා කළ යුතුය. සිංහලයන් මොසපොතේමියානුවන්ට සංස්කෘතිකමය ඥතීත්වයක්දක්වන්නේද?

"සිචරියා සීචින්" (Zecharia sitchi)
නමැති සුමේරියානු පුරා අක්ෂර විද්වතා සහ ඔහු විසින් ලියූ දොළොස්වන ග්රහලොව (The 12th Plant) ග්රන්ථය

මොසපොතේමියා ශිෂ්ටාචාර (සුමේරියා) නමැති ඉපැරැණි නාගරික ජනාවාසයක නටබුන් වර්තමාන ඉරාන - ඉරාක භූමියෙන් පාදාගැනීමට පුරාවිද්වතුන්ට හැකිවිය. ක්රි. පූ. 3000 ත් 1500 ත් අතර කාලයේ ජනාවාස පැවැති සුමේරියාව එක්වරම ඉහළම තාක්ෂණික දියුණුවක්ලබා හිටිවනම අභාවයට ගියේ ඇයි? මීට වසර පනස්පන්දහස්පන්සීයකට පෙර සුමේරියාව ගොඩනැඟුවේ කවුද? සුමේරියාවේ ක්ෂණිකව ආරම්භය සහ ක්ෂණිකව බිඳවැටීම දෙස බැලූ විට, එය පාලනය කළ පිරිස අභාවයට යැමෙන් පසු පෘථිවිවාසීන්ට නඩත්තු කරගත නොහැකි වූ බව සිතිය හැකිය. සුමේරියාව ගොඩනැඟීමට පිටසක්වල ජීවීන් මැදිහත් වීම තහවුරු කිරීමට විද්යාත්මක පදනමක්වැටුනේ සුමේරියානු මැටිපුවරු ලේඛන කියවීමෙන් පසුවයි. දැනට අභාවයට ගොස්ඇති අකේඩියන් (Akkedian) නමැති සුමේරියානු භාෂාවෙන් ඒවා ලියා ඇත.

ඉරාකයේ නිවේනා නමැති ස්ථානයෙන් හමු වූ මැටි පුවරු ලේඛනවලින් සුමේරියාව ගොඩනැඟීමට පැමිණි පිටසක්වල ජීවීන් පිළිබඳ විස්මිත තොරතුරු හෙළිවිය. මේ අභිරහස අනාවරණය කළේ රුසියානු ජාතික "සිචරියා සීචින්" (^Zecharia sitchi) නමැති සුමේරියානු පුරා අක්ෂර විද්වතා විසින් 1976 දී දොළොස්වන ග්රහලොව (The 12th Plant) නමැති අනර්ඝ ග්රන්ථය ප්රකාශයට පත්කිරීමෙනි. සීචින් අනාවරණය කළ 12 වැනි ග්රහලොව කිසියම් සෞරග්රහ මණ්ඩලයක සූර්යකුගේ සිට 12 වැනි ග්රහයාය, එම ග්රහයා හඳුන්වා ඇත්තේ නිබිරු (^Nibiru) ලෙසය. නිබිරු ග්රහයාට තම කක්ෂය වඩා ඉලිප්සාකාර පථයක ගමන් කිරීමට වසර 3600 ක්ගතවන බවත් එහි සඳහන්ය. නිබිරු වැසියන් වූ අනුනාකිවරුන්ගේ පරමායුෂ වසර 50000 ක්පමණ වෙයි. නිබිරු වසර 3600 කට වරක්නැවත නැවත පෘථිවියට ළඟාවෙයි. මෙකී නිබිරු කවුද? සුමේරියානු ලේඛනවල නිබිරු වචනය අර්ථ දෙකක්සඳහා භාවිත කර ඇත. අකේඩියානු තාරකා විද්යාවේදී ග්රහලෝක (Planet) සඳහා නිබිරු යන වචනය භාවිත කරන අතර එදිනෙදා ව්යවහාරයේදී ගඟකින් එතෙර විය හැකි විසිතුරු යාත්රාව යන අරුතින්ද නිබිරු ව්යවහාර කරයි. එබැවින් නිබිරු යානාව යන අරුතින් සහ ග්රහලොව යන අරුතින්ද ව්යවහාර කර ඇත. මේ නිබිරු අභිරහස කැටයම් කළ විශ්මිත කැටයම් ඵලකයක්හමුවීම නිසා 12 වන ග්රහයාගේ සංකල්පයට සැබෑ ඉතිහාස පදනමක්ඇතිබව පෙනී යයි.

2.
රූපයෙන් දැක්වෙන්නේ නිබිරූ ග්රහයා සහිත සෞරග්රහ මණ්ඩලය සහ නිබිරූවාසීන්ගේ පෘථිවි ආධිපත්යයයි. රූපයේ දකුණු පස ආසනයක වාඩිවී ප්රතාපවත් පුද්ගලයකු සිටියි. ඔහුගේ ඇඳුම් ලෝහමය සේ පෙනී යයි. ඔහුගේ මුහුණේ අංග ලක්ෂණ අනුව මනුෂ් පෙනුමකටත් වඩා සුමේරියන්වරු දෙවිවරු (අනුනාකිවරු) ලෙස හැඳින්වූ අද්භූත ජීවීන්ගේ රූපවලට සමානය. මේ නිසා මොහු අනුනාකිවරයෙකි.

එලෙස නිබිරු ග්රහයාගේ සිට පැමිණි ජීවීන් පෘථිවියට පැමිණීම සටහන් කළ අගනා පුරාවිද්යා සොයාගැනීමක් ඇත. ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්යාලයේ පෙරදිග සංස්කෘතික අධ්යයන අංශයට බෙනෝ ලෑන්ඩ්බර්ග් (Benno landsberger) සහ ඡේ. වී. කිනියර් විල්සන් (j. v. Kinnier Wilson) යන දෙදෙනා විසින් එනුමු - ඉල්ෂ් පුවරු පහ (The Fifth Tablet of Enumu - Elish) හිසින් විශිෂ්ට නිබන්ධනයක්ඉදිරිපත් කළේය. මේ නිබන්ධනයේ ඇත්තේ නිබිරු නමැති යානාවලින් පෘථිවියට පැමිණෙන අද්භූත ජීවීන් වර්ගයක්තම යානා පෘථිවියට පහත් කිරීම ඇසින් දුටු සාක්ෂියක ලි සටහනකි. පුවරු පහ හමුවූයේ ඉරාකයේ නිවේනා නගරය අසල කැණීමකිනි. එහි සිංහල පරිවර්ථනය මෙසේය.

1.
පුවරුව - ඔවුන්ගේ (අනුනාකිවරු) යානය පොළොව ආසන්නයට වේගයෙන් පහත් කළා

2.
පුවරුව - යානය (නිබිරු) පෘථිවියේත්, දෙව්ලොවේතා නැවතුම්පළවල්වලට ඇතුල් විය හැකියි.

3.
පුවරුව - දිළිසෙන නිබිරු (ඔරුවක්සේ පෙනෙන දිගැති අහස්යානය) දෙව්ලොව හැදූ එකක්සේ පෙනෙයි.

4.
පුවරුව - දකුණේ රාත්රි දෙවිවරුන්ගේ තරුව පායා ගිය පසු රතු පැහැති යානයක්අහස දෙබෑකරමින් පැමිණියා.

5.
පුවරුව - ඉයුල් (Euil) ගේ යානය පහත් කළ පසු, තවත් විශාල යානයක්අහස දෙබෑකරමින් - ආලෝකය අඩුකරමින් පැමිණ නැවැත්වූවා. එය මර්ඩක්(Marduk) ගේ යානයයි.

ඉහත පුවරුව පහේම ඇත්තේ ආලෝකය විහිදුවමින් දිලිසෙන අහසේ වේගයෙන් ගමන්කරන දිගැටි හැඩයට පෙනෙන ගුවන්යානා කීපයක්පෘථිවිය මත ගොඩබැස්සවීමේ සිදුවීම සටහන්කර ඇති ආකාරයයි. විස්තරය අප දන්නා පියාඹන පීරිසි ගොඩබැස්සීමේ දී ඇසින් දුටු සාක්ෂිවලට ඉඳුරාම සමානය. එසේම එය ඡේතවනාරාමයට බුදුන්වහන්සේගෙන් බණ ඇසීමට දෙවිවරු පැමිණි විමාණ නමැති අහස්යාත්රාවලටද කිසියම් සමාන කමක්දක්වයි. මේ සිදුවීම සුමේරිවරු පුවරුවක කැටයම් කර තිබී හමුවීම 20 වැනි සියවසේ අසිරිමත් පුරාවිද්යා සොයාගැනීමකි. පුවරුවේ ඇති සිදුවීම තේරුම් ගැනීමට එය කැටයම් කළ කැටයම් ශෛලිය තේරුම්ගත යුතුය. එය කැටයම් කර ඇත්තේ අඛණ් කථන ශෛලියටයි. මෙහි අදහස එකම පුවරුවක සිදුවීම් කිහිපයක්කැටයම් කිරීමයි. 3 රූපයේ දැක්වෙන්නේ අද්භූත ජීවීන්ගේ පෘථිවි සංක්රමණයක්විය හැකිය. එහි අවස්ථා A - B - C - D - E) ලෙස කොටස්කරමු.

A
රූපය - යානාවක පැමිණීමයි. හෙල්මට්පැළඳි ගුවන් නැවියන් කවපෙත්තක හැඩැති යානාවකින් එයි. පියාපත් ඇඳ ඇත්තේ අහසේ ගමන් කිරීම අදහස්කිරීමටයි.

B
රූපය - ආලෝකය කිරණ පිටකරයි.

C
රූපය - ආලෝකය කිරණ පිටකරමින් යානය පහත් කරයි.

D
රූපය - කිරණ විහිඳුවන දොරටුවෙන් කිසිවෙක්ඉවතට එයි.

E
රූපය - අද්භූත ජීවියෙකි. ශරීරාවරණයක්පැළඳ සිටියි. හිසේ කුඩා අං යුවළිකි. කිරණ සහිත දොරටුවෙන් පැමිණි අද්භූත ජීවියා විය යුතුය.

යානයේ නැඟී ගමන් කරන අද්භූත ජීවීන් තිදෙනකි. ඔවුන් හිස්වැසුම් පැළඳගෙන ඇත. ඒවා හෙල්මට්එකක්වැනිය. එක්පසෙක කරත්ත ගරාධි වැනි රේඛාවන් අග ගෝලාකාර යමක්ඇත. එය යානය පහත් කිරීමට පෙර අහසේ කැරකවීමකි. ඊට පහළ කවපෙත්තක්වැනි වස්තුවකින් ඉහළට ආලෝකධාරා පිටවෙයි. ඊට එය එනුමු - ඉලිෂ් පුවරුවල සඳහන් යානා ගොඩබැස්සවීමට එකහෙලාම සමානය. යානාවලට පහළින් ඇත්තේ කිරණ විහිදෙන විශාල ආරුක්කුවකි. එය ගිල්ගමේෂ් වීර කාව්යයේ ඉස්තාර් දොරටුව සිහිකරයි. එය තුළින් කිසියම් අයෙකු එළියට එයි. දොරටුව ඉදිරියේ සිටින්නේ ශරීරාවරණයක්පැළඳි අද්භූත ජීවියෙකි. ඔහු ඉදිරියේ අත් ඔසවා යදින මිනිසෙකි. එම මිනිසාගේ ශාරීරික අංග සහ අද්භූත සත්ත්වයා ඉහළින් පෙනෙන යානයෙන් පැමිණි අනුනාකිවරයෙක්විය හැකිය. අනුනාකිවරුන්ගේ පැමිණීම තම ජාතියේ ඉතිහාසය ඇතුළත් වංශ කතාවකද ලේඛනගත කර හමුවිය. KAV 218 B ලෙස අංකගත කර ඇති එනුමු - ඉලිෂ් වීරකාව්යයේ . (Enuma-Epic of Sumarian Creation) එම අනුනාකිවරුන්ගේ පෘථිවි ආගමනය චමත්කාර ජනක ලෙස විස්තර කර ඇත. අනුනාකිවරුන්ගේ ආගමනය මෙලෙස මැටිපුවරුවල සහ කැටයම් ඵලක වල සටහන් වෙද්දී ඊට ඉඳුරා සමාන අද්භූත ජීවීන් පිරිසක්යානාවලින් පැමිණි විස්තරයක්බයිබලයේ උප්පත්ති කතාවේ ඇත. බයිබලයේ උප්පත්තිs කතාවේ නෙෆිලිට්වරුන්ගේ පැමිණීම සහ නිබිවරුන්ගේ ආගමනය ලෙස සැලකිය හැකි තරම් පුදුම සහගත සමාන සටහනක්හමුවිය.

"
එය (යානය) වේගයෙන් පැමිණියා. නෙෆිලිට්වරු (දේව දරුවන් ලෙස එනමින් හඳුන්වා ඇත්තේද අනුනාකිවරුය) විසින් ගින්නෙන් මිනිසුන්ගෙන් ගැහැනුන් වෙන්කළා. ඔවුන් තෝරා ගැහැනුන් බිරියන් ලෙස රැගෙන බලවතුන් (අනුනාකිවරු) ටික දිනකට ඉවත්ව ගියා. ඉන්පසුව අනුනාකිවරු සහ ගැහැනුන් (පැහැරගත්) ආපසු පැමිණියා. ගැහැනුන්ට දරු උපත් සිදුවිය. ඔවුන් (දරුවන්) බෝ වන්නට වූ අතර, ඔවුන් බලවත් විය. මිනිසුන්ගේ ගෞරවයට ලක්වුණා. මිනිසුන් වහලුන් බවට පත්වුණා.

(
පරණ තෙස්තමේන්තුව ( උපත්ති කතා, 6.1-4)

පරණ තෙස්තමේන්තු කතාව නිබිරුවාසීන් පෘථිවියට පැමිණ පෘථිවිවාසීන් සමග කටයුතු කළ ආකාරය පිළිබඳ මුඛ ව්යවහාර ලේඛනගත කිරීමක්සේ සැලකිය හැකිය. මෙතැන ඇති වැදගත්ම දෙය වන්නේ අනුනාකිවරු පැමිණි ස්වරයෙන්ම පෘථිවියේ වාසය නොකිරීමයි. ඔවුන් පෘථිවි පරිසරයට අනුගත පරපුරක්බිහිකරවාගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඇත. බයිබලයට ඇති පදනම සුමේරියානු ඉතිහාසය බවත්, ආදම් සහ ඒවා මැවීම එහි සංවර්ධනයක් බවත් සිතිය හැකිය. ආදම්ගේ උයන ලෙස හඳුන්වන ස්ථානය අනුනාකිවරුන් විසින් ජීවීන් අභිජනනය කළ ස්ථානය විය හැකිය. අනුනාකිවරු පෘථිවියේ සිටි මානවයන්ට එකතුවීම සහ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්රයේ අභස්සර බ්රහ්ම ලොවින් ආයුෂ අවසන් වී පෘථිවියට පැමිණි අභස්සර වාසී බ්රහ්මයන් අතර මූලික සමානකම් බොහෝමයකි. එසේම ගුවනින් පැමිණි බලවතුන් ස්ත්රීන් පැහැර ගැනීම පිළිබඳ ජනකතා ග්රීක, දේව පුරාණයට ඇතුළු වූවා සේම රාමායනයට එබඳු කතාවක්ඇතිවූයේ අනුනාකිවරු ස්ත්රීන් පැහැරගැනීමේ ඉතිහාසය ප්රවෘත්තිය ඇසුරින් විය හැකිය. මේ ආභස්සරවාසී පිටසක්වල ජීවීන්ගේ ගති ලක්ෂණ 6 ක්අග්ගඤ්ඤ සූත්රයේ සඳහන්ය. ඒවා නම්, මනෝමය ශක්තියෙන් යුතුය, ප්රීතිය ආහාර කරන්නන්ය. ස්කීය ආලෝක බැබලෙන්නේය. අවකාශයේ හැසිරිය හැකිවීම, පහසුවෙන් පෝෂණය කළහැකි වීම, බොහෝ කාලයක්ජීවත්විය හැකිවීම. ඉහත අග්ගඤ්ඤ සූත්රයේ විස්තර සහ සුමේරියානු මැටි පුවරු ලේඛනවල සඳහන් අනුනාකිවරුන් ගේ විස්තර පුදුම සහගත ලෙස සමානකම් ඇත. වැඩි දුරටත් කරුණු විස්තර කිරීමට ඇති බාධාව වන්නේ එය පරීක්ෂා කිරීමට තරම් පිටසක්වල ජීව විද්යාව (Ufobiology) දියුණු තත්ත්වයක නොපැවතීමයි.



අනුනාකිවරුන්ගේ පුද්ගලික විස්තර බොහෝමයක් KAV 218 B නමැති මැටිඵලකයේ සටහන්ව ඇත. පෘථිවියේ ශිෂ්ටාචාරය බිහිකිරීමේ කාර්යයේ ප්රධානත්වය ගත් අනුනාකිවරු කීප දෙනෙකි. ඔවුන් එන්කි (Enki) එන්ලිල් (Enlil) නින් - කුර්සැග් (Nin - Khursag) ඉනැන්නා (Inanna) උතු (Utu) නින් ගිෂ්ඩා (Ningishzida) සහ මර්ඩක්(Marduk) යන ප්රධානීන් යටතේ මිනිසුන් වහලුන් ලෙස යොදවා විසල් සූමර් නගර ඉදිකර ඇත. අනුනාකිවරු සුමේරියාව පාලනය කළ ආකාරය පිළිබඳ තොරතුරු රැසක්ඇතුළත් කොප්ටික්(Coptic) නමැති භාෂාවෙන් ලියූ අත්පිටපත් රාශියක්ඊශ්රායලයේ මළ මුහුද අසල ස්ථානයකින් සොයා ගැනීම ඉතිහාසයේ අඳුරු යුගයක්ආලෝකවත් කර ගැනීමට උපකාරී වූ විශිෂ්ට සොයා ගැනීමකි. බයිබලයේ පරැණ තෙස්තමේන්තුවට වඩා පැරණි සුමේරියානු ඉතිහාසය තොරතුරු ඇතුළත් ලේඛන විශේෂයකි. එකී මළ මුහුදේ ලියෑවිලිවල අනුනාකිවරුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ රහසිගත තොරතුරු රැසක්මෙසේ කෙටිකර දැක්විය හැකිය.



"
නිබිරු යානයෙන් පැමිණි එන්කි (^Enki ) සහ ඉයුනිල් (^Iunil) යන පාලකයන් දෙදෙනා (දෙවිවරු) පෘථිවිය පාලනය කිරීමට පටන්ගත්තා. ඔවුන් සුමේරියානුවන්ට වාස්තුවිද්යාව, කෘෂිකර්මය, තාරකා විද්යාව, සංස්කෘතික පුරුදු, ආහාර වර්ග සහ කාර්මික උපකරණ හදුන්වා දුන්නා. මේ නිසා අනුනාකිවරු දිගටම ඔවුන්ගේ වැඩ කරගතයුතු වන්නේ නැහැ. අනුනාකිවරු විටෙක මත්ස්යරූපී මානවයන් (Fish
human))
සිංහ රූපී මානවයන් (Lion - human) පක්ෂීරූපී මානවයන් (Bird -
human)
ලෙසත් වෙනත් මිනිසුන් ඉදිරියට පැමිණියාමේ නිසා අනුනාකිවරු දෙවියන් ලෙස හඳුන්වා මිනිසුන් වන්දනා කළා. මෝසස්එයට දරුණු ලෙස විරෝධය පෑවා. පසුකලෙක ප්ලීඩියස්වරු (^Heidians) නමැති (අනුනාකිවරුන් වැනිම මිසරයේ සිටි අද්භූත ජීවීන් කොටසකි) ඊජිප්තුවේ පාරාවෝ තුන්වන ස්වර්ණමය යුගයේදී මෝසස්විසින් දේව වන්දනා කළ සුමේරිවරුන් විනාශ කිරීමට මිසරවරු මෙහෙයවීය. මිසර සුමේරිටා වැසියන්ගේ බිහිසුණු යුද්ධයෙන් සුමේරියන්වරු ජයගත්තේය. නමුත් සටන පිටුපස සිටි නියම සතුරන් වූයේ අනුනාකිවරු සහ ප්ලීඩියන්ස්වරුන් මිස මිනිසුන් නොවේ. පසුව මහා ආගමික ප්රබෝධයක්ඇතිවී වහලුන් (මිනිසුන්) ඔවුන්ගේ ස්වාමිවරු වූ දෙවිවරුන්ට (අනුනාකිවරුන්ට) එරෙහිව කැරලි ඇති කළා. මේ සටනේදී අනුනාකි නායකයන් දෙදෙනා වූ එන්කී සහ එන්ලිල් මත ගැටුමක්ඇතිවුණා. එක්අයෙකු වහලුන් විනාශ කිරීමටත් තවත් අයෙකු වහලුන් රැක ගැනීම කළ මත අරගලය දෙදෙනා අතර බිහිසුනු යුද්ධයක්තෙක්දුරදිග ගියා."



සෘග් සාහිත්යයේ සෘෂිවරුන් සහ මෙකී අනුනාකිවරු අතර බොහෝ සමානකම් ඇත. දීර්ඝ විස්තර අනුව මහපොළොවම රාජ් සංකල්පය හඳුන්වා දී ඇත්තේ අනුනාකිවරුය. මුළු අග්ගඤ්ඤ සූත්රයේ හරය වන්නේද රාජ් සංකල්පයේ ප්රභවය හෙළිකිරීම මිස ජීවය ඇතිවීම නොවේ. මේ නිසා පෘථිවි පරිසරයට අනුගත වූ නිබිරුවාසීන් රාජ්‍ය හදුන්වා දී ඇත. මෙහි සඳහන් සටන මිසරයේ රජකළ තුන්වන ඇමන්හෙටප් රජුගේ කාලයේදී සිදුවූ අසාර්ථක මොසපොතේමියානු ආක්රමණ විය යුතුය. මේ යුද ජයග්රහණයත් සමග සුමේරියානුවාසී වහලුන්ගේ එක්සත්කම - යුක්තිය - සමානාත්මතාවය ආදී අදහස්පිබිදී සමානාත්මතාවය වෙනුවෙන් සටන් කරන්නට පෙළඹී තිබේ. මේ නිසා අවසානයේදී මිනිසුන් සහ අනුනාකිවරු අතර මහා අරගලයක්ඇතිවිය. මේ අරගලයේ ඉතිහාස කතාව මහාභාරතයේ සුර - අසුර යුද්ධයට වස්තුබීජ වී ඇතැයි සිතමි. මෙහිදී සුරයන් හෙවත් නිබිරු වැසියන්ගේ ගුවනේ සිට මුදාහරින බිහිසුණු අවි න්යෂ්ඨික යුද්ධයක්සිහිකරයි. අවසානයේ අනුනාකිවරු දෙපිsල්ට බෙදීම නිසා යුද්ධය දෙපාර්ශවයටම විනාශය පිණිස විය. මළ මුහුදේ ලියවිලිවල අනුනාකිවරුන්ගේ යුද්ධ නිසා විනාශ වූ සොඩම් හා ගොම්රා යන නගර දෙක විනාශ කිරීමට අහසේ සිට හෙලූ ආයුධ හා නගර විනාශ වූ ආකාරය විස්තර කර ඇති ආකාරය හිරෝෂිමා නගරයට පරමානු බෝම්බ දැමීමට සපුරා සමානය. නූතන ලෙබනයේ ස්ථාන දෙකක යුද්ධයකදී පුපුරා ගිය න්යෂ්ටික ප්රහාර දෙකක අවශේෂ දක්නට ඇත. ඒවා නිබිරු ප්රහාරයට අවශේෂ විය හැකිය. මිනිසාගේ වනචාරී දිවිය නිමාකරමින් හෝමෝ සේපියන්වරුන් තාක්ෂණයෙන් නවීකරණය කළ නිබිරුවාසී අනුනාකිවරුන්ගේ ශෝකජනක ඉරණම යුද්ධයකින් නිමාවිය. ඔවුන් මිනිසුන්ට ලබාදුන් දැනුමේ ප්රමාණය අනුනාකිවරු නඩත්තු කළ මහා ශිෂ්ඨාචාරය පාලනයට ප්රමාණවත් නොවීය. නමුත් මිනිසාට ලැබුණ දැනුම ක්රමයෙන් දියුණු කර නූතන ලෝකය නිර්මාණය කර ඇත. මේ අතරතුර කාලයපුරා එම ප්‍රදේශවල විවිධ යුද්ධ හා ඉදිකිරීම් නිසා අනුනාකිවරුන්ගේ සාධක විශාල වශයෙන් විනාශ වී ඉතිරිවූ අවශේෂ හා ඉතිහාස ග්රන්ථ ඇසුරින් ඔවුන්ගේ යටගියාව හැදැරීමට සිදුවී ඇති නමුත් නිබිරු ග්රහලොවින් පැමිණි අනුනාකිවරුන් පිටසක්වල විද්යාවෙන් (Ufology) ගවේශනය කරන අභිරහස්ජීවීන් විය හැකිය. සුමේරියානුවන් දෙවියන් ලෙස හැඳින්වූ ඔවුන් අතරින් වහලුන් හෙවත් මිනිසුන්ට ආදරය කළා අනුනාකිවරයා නැවත පැමිණ වහලුන් රැගෙන යැම පිළිබඳ ඉපැරණි විශ්වාසය ක්‍රිස්තියානි ආගමේ දෙවියන්වහන්සේ නැවත පැමිණීමේ විශ්වාසයට තුඩුදුන් ඉතිහාස වස්තු බීජය විය යුතුය. අහසේ විශේෂ දීප්තිමත් තාරකාවක දර්ශනය වීම, දෙවියන් විසින් මරියාතුමියගේ (ඡේසුතුමා) ගැබ්ගැන්වීම අනුනාකිවරු යානාවලින් පැමිණ පෘථිවි ස්ත්‍රීන් ගැබ්ගැන්වීමේ ඉතිහාස කතාව වස්තු බීජය කරගෙන නිර්මාණය වී ඇතැයි සිතමි. වහලුන් නිසා යුදවැදුණු එන්කි හා එන්ලිල් දෙදෙනාගෙන් වහලුන්ට ආරක්ෂාව සැපයූ අනුනාකිවරයා ඇසුරින් දෙවියන් වහන්සේගේ සංකල්පය සකස්වන්නට ඇත.අනුනාකිවරැ වසර 3600 වරක් පැමිණීම පිළිබ්‍ද විශ්වාස අැසුරින් ෙදවියන් වහන්ෙස් නැවත පැමිණීම සකස් වන්නට අැත‍ තහනම් ගස කල්ප වෘක්ෂය පිළිබද අදහස් සහ වෘක්ෂ වන්දනාද ෙම් අැසුරින් සකස්ව අැත

ඉපැරණි මොහෙන්දොජාරෝ ශිෂ්ඨාචාරයෙන් හමු වූ මැටි මුදා ඵලක වල පිටසක්වල ජීවීන් විය හැකි අද්භූත සත්ව කොටසකගේ රූප හමු වී ඇත. මේ නිසා සුමේරියාවට මෙන්ම මොහෙන්දොජාරෝ ශිෂ්ඨාචාරයේ ප්‍රභවයටද පිටසක්වල ජීවීන්ගේ මැදිහත් වීමක්තිබිය හැකිය. මේ නිසාම මොසපොතේමියානු ශිෂ්ඨාචාරය සේම මොහෙන්දොජාරෝ ශිෂ්ඨාචාරය පදනම පිටසක්වල ජීවීන්ගේ දැනුම විය යුතුය ලංකාවේ මානව ජනාවාස පිහිටුවීමට සහ ශිෂ්ඨාචාරගත කිරීම මොහෙන්දොජාරෝ ශිෂ්ඨාචාරයේ සහ මොසපොතේමියානු ශිෂ්ඨාචාරයේ පිරිස්බරපතල ලෙස මැදිහත් වී තිබෙන බවට සාධක ඇත. ක්රි. පූ. තුන්වන සහශ්රකයේ සිට පලවන සහශ්ර්රකය තෙක්සක්රීයව පැවැති මොසපොතේමියානු ශිෂ්ඨාචාරය ලෝකයට සැපයූ ඥාණාලෝකය හේතුකොටගෙන එය ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙසද »න්වයි. අනුරාධපුර යුගයෙන් පටන් ගන්නා සිංහල ජාතියේ මූලාරම්භය සිංහයකුගෙන් පටන් ගත් බව සඳහන්ය. එහි ජීව විද්යාත්මක ගැටළුව අමතක කළ කල්හි ජාතියේ මූලාරම්භයාට සිංහයා සහ සිංහ ඝාතන වික්රමය සංකල්පයක්එකට බද්ධව ඇත. අතීත මොසපොතේමියානු ශිෂ්ඨාචාරයේ මෙබඳු සිංහයන්ගේ පැමිණීමකින් තම ජාතිය පහළවූ බව සුමේරියානු මැටි පුවරු ලේඛනවල සඳහන් වෙයි. සිංහල ශිෂ්ඨාචාරයට මෙම සුමේරියානු මූලයක බලපෑමකින් විය නොහැකිද? දැනට කියවා ඇති අක්ෂර අනුව අහසින් පැමිණි සිංහ මිනිසුන් සුමේරියානු නගර ගොඩ නැගීමට උපදෙස්දී ඇති බව සඳහන්ය. මෙම අක්ෂර ක්රි. පූ. 2500 ටවත් අඩු තරමේ අයත් විය යුතු ලෙස සැලකෙයි. ලංකාවේ මහාවංශයේ එවැන්නක්ලියා ඇත්තේ ඊට වසර දෙදහස්පන්සියකට වඩා පසුව ක්රි. . 4 වන සියවසේදීය. මේ නිසා සිංහයා තම ජාතියට පදනම් වූ සත්වයා යන පැරණිම කල්පිත කතාව මොසපොතේමියාවෙන් ලැබේ. මේ නිසා සිංහලයෝ මොසපොතේමියානු ශිෂ්ඨාචාරයෙන් පැවැත එන අභිමානවත් ජාතියක්විය නොහැකිද?

ලලීන්ද්‍ර සන්නස්ගම

No comments:

Post a Comment