Pythagoras and Punna himi පයිතගරස්‌ යනු සුනාපරන්නයේ පුණ්‌ණ හිමියෝ ද? පෛතගොරස් සුළු ආසියාවේ ටයර් (ty

Saturday, November 13, 2010

ආර්යයන්ගේ මුල් බිම සොයායැම


ඉන්දීය බ්‍රාහ්මණ වංශිකයන් හෙවත් සංස්කෘතික භාෂාව කතා කරන, වේද ග්රන්ථවල ඇති ආගමික වත් පිළිපදින ජනතාව ඉංග්‍රීසි යටත්විජිත යුගය තෙක්ඉන්දියාව තමන්ගේ නිජභූමිය ලෙස උද්දාමයෙන් පසුවිය. නමුත්, ක්රි. . 1922 දී ඉන්දුනිම්න ශිෂ්ටාචාරය කැණීම් කිරීමත් සමග බ්රාහ්මණ වංශිකයන්ගේ වේද ඉතිහාසයට වඩා පැරැණි ඉතිහාසයක් පිළිබඳ තොරතුරු හමු විය. එහි නටබුන්වලින් හෙළි වූ වාස්තවික පරිසරය සෘග් සාහිත්යය තබා බෞද්ධ යුගය තෙක්කිසිදු වෛදික ග්රන්ථයකින් විස්තර කර තිබුණේ නැත. ඉන්දු නිම්න ශිෂ්aටාචාරය ගොඩනැඟුවේ කවුරුන්ද? වෛදිකයන් ඉන්දියාවට පිටින් පැමිණියේද? යන ඉතිහාසය ගැටලු එකල මහත් සංවාද ඇති කළ එකකි. වේදය අනුව වෛදිකයන් ආර්යයන් . එබැවින් වෛදිකයන් ඉන්දියාවට පිටස්තරින් පැමිණි පිරිසක්? නැද්ද? ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැඟුවේ ආර්යයන් ? යන ඉතිහාස ගැටලු විසඳීම අපහසු තත්ත්වයට ඇදවැටුණි. සුපුරුදු ලෙස වියතුන් පාර්ශ්ව කීපයකට බෙදුණි. මේ පිළිබඳව සුප්රසිද්ධ මත ගැටුම ඉන්දු නිම්නය ගවේෂණය කළ ජෝන් මාෂල් මහතා සහ ආචාර්ය ඡේ. පුශලුස්කි මහතා අතර ඇති විය. සෘග් සාහිත්යය සහ ඉන්දු නිම්නය කැණීම්වල තත්ත්වය පිළිබඳ ඉන්දු නිම්නය ගවේෂණය කළ ජෝන් මාෂල් මහතා තුලනාත්මකව තොරතුරු විග්රහ කළේය.

"
සෘග් වෛදික ආර්යයෝ අඩක්එෙŒ, අඩක්කෘෂි ජීවිතයක්ගත කරන මිනිසුන්ය. ඔවුන්ගේ වාසස්ථාන පවා සකස්කරගෙන ඇත්තේ උණ ලීවලිනි. නමුත් හරප්පාවේ ඇත්තේ තනිකරම පාහේ ගඩොල් ඉදිකිරීම්ය. එම ඉදිකිරීම් පිළිබඳ විස්තරවල නගර පිළිබඳ කිසිදු සටහනක්සෘග් සාහිත්යයේ නැත. ඉන්දු ආර්යයන් වැදගත් තැනක්දුන් අශ්වයාට ඉන්දු නිම්නයේ එතරම් අගයක්ඇත්තේ නැත. ඉන්දු නිම්නයේ පිළිම වන්දනාව, ලිංග වන්දනාව. මාතෘ දේව වන්දනාව සෘග් සාහිත්යයේ කොහෙත්ම නැත." (Marshal, Mohendojaro and Indus Civilization Vol : P. 110)

මාෂල් මහතාගේ මෙම විග්රහය ඉන්දු ශිෂ්ටාචාරය සහ වෛදික ශිෂ්ටාචාරය දෙකක්බව පැහැදිලි කිරීමකි. අනෙක්අතට වෛදික ආර්ය ජාතිය යනු ඉන්දු ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් ඉක්බිතිව සංක්රමණය වූ ජනතාවක් වගද අවධාරණය කරයි. මෙලෙස ආර්ය ජාතියේ සම්භවය පිළිබඳව ජෝන් මාෂල්ගේ මතය වන්නේ එය බටහිර දෙසින් වූ සංක්රමණයක්ලෙසය. මෙම මතය සනාථ කරමින් මාෂල් කරුණු , ඉදිරිපත් කළේය. ආචාර්ය ඡේ. පුශලුස්කි මහතා ජෝන් මාෂල්ට පිළිතුරු දී ඇත්තේම ඉන්දු නිම්න ආර්යයන්ගේ ශිෂ්ටාචාරය බව කීමටයි. Authors of Indus Valley Annuls of Bhandarkar Orienral Rescarch Institute : 1936 දී ග්රන්ථයෙන් මෙකී ආචාර්ය ඡේ. පුශලුස්කි මහතා විසින් ජෝන් මාෂල්ගේ තර්ක දහයට දුන් පිළිතුරු මෙම විෂය සඳහා අප සතු පැරැණි සහ හොඳම බෙදීම බව සිතමි. එයින් පිළිතුරු දීමට නොහැකි වූ තර්ක පහත දක්වා ඇත.

ජෝන් මාෂල්ගේ තර්ක

01.
වෛදික ආර්යයෝ පිළිම වන්දනාව නොදැන සිටියහ. නමුත් මොහෙන්දෝ ජාරෝ සහ හරප්පාවාසීන් ප්රතිමා වන්දනා කළ බවට සාක්ෂි ඇත.

පුශලුස්කි මහතාගේ පිළිතුරු - පිළිතුරු දී නැත.

02.
මව් දෙවඟන සහ ශිව පිළිබඳව වෛදික ආර්යයෝ සටහන් කර නැත. නමුත් මේ දෙකටම මොහෙන්දෝ - ජාරෝ සහ හරප්පා වාසීන් ඉහළ අගයක්දී ඇත.

පුශලුස්කි මහතාගේ පිළිතුරු - පිළිතුරු දී නැත.

03.
ආර්යයෝ අශ්වයාට ප්රධාන තැනක්දී ඇත. මොහෙන්දෝ - ජාරෝ සහ හරප්පාවාසීන් ආශ්වයා පිළිබඳව දැනුවත් වී නැති තරම්ය.

පුශලුස්කි මහතාගේ පිළිතුරු - ඇටකටු හමු විය.

නමුත් පුශලුස්තිගේ තර්ක හුදෙක්කල් තබා එල්බ ගත් අදහසක්සනාථ කිරීමට කරනු ලබන ඉන්දීය වර්ගයේ තර්ක මිස විෂය කරුණු නොවේ. එබැවින් ඒවා මෙතැන විග්රහයට අනවශ් සේ සිතමි. මාෂල්ගේ මතය තහවුරු කිරීමට තරම් සාධක ඉන්දු නිම්න නටඹුන් හා සෘග් වේදයෙන් සස¹ බැලීමට පුළුවන. ඉන්දියාව මාතෘ ආර්යය භූමිය බව සනාථ කිරීමට මුල් වූ සියලු පුද්ගලයන් ඉන්දීය ජාතිකයන්ය. ඔවුන්ගේ මත සාධනය සඳහා විධිමත් පුරා විද්යාත්මක මානව විද්යාත්මක ක්රමවේදයක්ඇත්ත වශයෙන් තිබුණේ නැත. ඔවුහු කල් තබා මුල් බැසගත් මතයක්වෙනුවෙන් පෙනී සිටියා වැනිය. වැදගත්ම මතය වන්නේ ආර්යය මාතෘ භූමිය ඉන්දියාවෙන් පිටත සිදුවූ බවයි. නමුත් ආර්යයන් පැතිරී සිටි අනෙක් රටවලට වඩා සෘග් වේදයේ ආර්යය වචන වැඩිපුර ඇත. නමුත් මෙයට වඩා සෘග්වේදය හා මොහෙන්දෝ ජාරෝ සහ හරප්පා නටඹුන් තුලනාත්මකව විග්රහකර මෙම සංස්කෘතීන් දෙක එකක් දෙකක් යන ගැටලුව විස¹ ගත හැකිය.

01
සෘග් වේදයේ සප්ත සිංදු ප්රදේශයේ නගරවල වාසය කළ කිසියම් ජනතාවක්ලිංග වන්දනා කරන්නවුන් ලෙස අවඥ කර ඇත.

"
නයා තව ඉන්ද්රජුජුවුර්නොන වන්දනා ශවිෂ්ටවෙද්යාභිඃ

සශර්ධදයෙර්යා විෂුණස් ජනතෝර්මා ශිග්නදේවා අපිගුර්ගෘතන (සෘග් වේදය Vii 21.5)

"
ශිශ්ණදේවා" නම් ලිංග පුදන අය අවඥවට ලක්කළ අවස්ථාවකි. මෙකී අවඥවට ලක්කළ සංස්කෘතිය කුමක්වුවත් එය ආර්යයන්ට ආගන්තුක එකකි. ප්රතිවිරුද්ධ එකකි. මෙම ලිංග වන්දනා කළ පිරිස මොහෙන්දොජාරෝ නටබුන්වලින් හඳුනා ගත හැකිය. එහි ප්රධාන වන්දනාවක්ලෙස ලිංග වන්දනාව දැක්විය හැකිය. පිළිබඳ මාෂල්ගේ සටහනකි මේ.

"
ලිංග රූපයයි හඳුනාගෙන ඇති කේතුරූපාකාර හා සිලින්ඩාරාකාර පාෂාණමය වස්තු රාශියක්හඳුනාගෙන ඇත. එසේම අඟල් 6 - 45 විශ්කම්භය සහිත ස්ත්රී නිමිති ගල් හමුවී ඇත".

ආර්යයන් අවඥවට ලක්කළ ලිංග වන්දනාව ඉන්දු නිම්නයේ එක්ආගමික විශ්වාසයක්බව මාෂල්ගේ කැණීම් ප්රමාණවත් ලෙස තහවුරු කරයි. සත්ත්ව "අං පිදීම" ඉන්දු නිම්නයේ බහුලම පූජාව විය යුතුය. "අං" අතීතයේදී නගුලක්ලෙස පාවිච්චි කර තිබේ. නගුල ලිංගය පිළිබඳ සංකේතයක්සේම "නගුල" යන වචනයේ ද්රවිඩ තේරුමද ලිංගයයි. නගුල ලිංගය ලෙසත් පොළව ස්ත්රී නිමිත්ත ලෙසත් සලකා පැරැණි සශ්රීක වන්දනාවක්ඉන්දියාවේ තිබී ඇත. පසු කාලීනව ආර්යයන් ඉන්දු නිම්නයේ ශිව ලිංග පිදීම එකතු කර ගෙන ඇත. "අං පිදීමද" "ලිංගය" යන අරුතක් කළ පූජාවකි. මෙය පසුකාලීන රාමායනයට කාන්දු වී ඇත. එහි ජනක රජු සීසෑමේදී නගුලෙන් සීතා කුමරිය උපත ලද බව කියෑවෙයි. මේ නිසා "අං පිදීම"හා "ලිංග වන්දනාව" එකකි. සෘග් වේදයේ ලිංග වන්දනාකරුවන් ලෙස පහත් කර ඇත්තේ ඉන්දු නිම්න වැසියන් බව කිව හැක.

02.
සෘග් වේදයේ තවත් තැනක සප්ත සිංදු ප්රදේශයේ වාසය කළ කිසියම් ජනතාවක්නාගයන් ලෙස හඳුන්වා ඇත. නාග වංගිස සහ අභි" ලෙස ඉන්දු නිම්න වැසියන් හඳුන්වා ඇති බව දේශ්මුක්මහතා සඳහන් කරයි.

(P.B. Deshmukh; Indus Civilization Gigved and Hindu Culture 1982 - P.25-26)

මෙය ඉන්දීය නාග වන්දනාව පිළිබඳ ඇති ඉපැරැණිම සටහනයි. මේ නිසා නාග වන්දනා කළ ප්රබල ආගමික නිකායන් ඉන්දු නිම්නයේ විසූ බව සෘග් සාහිත්යයෙන්ම තහවුරු කරයි. ඉන්දු කැණීම් කළ පුරාවිද්යාඥයකු= ජෝන් මාෂල් එහි තිබූ නාග වන්දනාවක්පිළිබඳ තහවුරු කරයි. ඉන්දු නිම්නයේ නාගයකුට වඳින අයකු දක්නා මුද්d ලැබී ඇත. එසේම ආසනයක් මත සිටින පූජනීය නාගයකු සහති මුද්d ලැබී ඇත. ඉන්දුනිම්නයේ මහාදෙවියා (ශිව) දැක්වෙන මුද්d සමගද දරණ ගැසූ නාගරූප ඇත. තවත් මුද්dවල දේව රූප සම නාග පෙණ සහිත රූප හමුවිය. (John Marshell, Mohenjodoro and Indus Civilization - III) මේ සුප්රකට ඉන්දු නිම්න ගවේශකයා වඩාත් නිරවුල් ලෙස නාග වන්දනාවේ පැරැණිම දකුණු ආසියානු සාධක ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හඳුනා ගෙන ඇත. මෙලෙස නාගයා නමැති උරගයකු පූජනීය තත්ත්වයට ඉන්දු නිම්නය තුළ පැවැති බවට ඇති පුරා විද්යා සාධක සෘග් සාහිත්යයෙන්ද තහවුරු කෙරෙයි. නාග වන්දනාව ආර්ය වන්දනාවක්ලෙස සෘග් සාහිත්යයෙන් තහවුරු නොවේ. නාග වන්දනාව පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සහ නාග වන්දනාව නොපැවැති සෘග් සාහිත්යයයේ පිළිබිඹු වන්නේ සංස්කෘතීන් දෙකක්විය යුතු යන්නය.

03.
කැණීම් කළ පසු මොහෙන්දොa ජාරෝ නගරය නව වතාවක් හරප්පා නගරය හය වතාවක් ලෙස එකම නගරය නැවත නැවත එකමත තට්ටු ලෙස ඉදිකර තිබිණි. ගංවතුර නිසාය. නමුත් එම නගර දෙකේම ඉහළම තට්ටුවේ පහළ තට්ටුවල නැති විශේෂ ලක්ෂණ කීපයක්තිබුණි ඒවා නම්,

*
ගිනි තැබීම නිසා ගොඩනැඟිලි විනාශ වී තිබීම.

*
ආයුධවලින් පහර දී මරා දමා ඇති මිනිසුන්

*
යකඩ ආයුධ

*
යට තට්ටුවල නොමැති වළං වර්ග

*
රවුම් හිස්කබල් සහිත දේහධාරී මානව වර්ගයක අස්ථි සහිත අක්රමවත් සොහොන්

කිසිදු යට තට්ටුවල නොමැති මෙබඳු තත්ත්වයක්ආකාස්මිතව ඉහළම තට්ටුවට හඳුන්වා දුන්නේ කවුද? මෙම තත්ත්වයට ඉඳුරා සමපාත වන සටහන් වෛදික ආර්යන්ගේ සෘග් සාහිත්යයෙන් පුදුම සහගත ලෙස හමුවිය. ඉන්දු නමැති වෛදික ආර්යයන්ගේ යුද දෙවියා වර්ණා කරන පද්යවල ඔහුගේ සතුරන් විස්තර කර ඇත්තේ මෙසේය.

"
පුරන්දර (බලකොටු හෙවත් නගර බිඳින්නා, ගිනිතබන්නා) විසින් වැනසූ නගරවල සිටි ජනතාවක්විස්තර කර ඇත්තේ මෙසේය. විද්රවාහ( (නොපැදිළි භාෂාවක්කතාකරන) අකර්මන් (වෛදික පූජා නොපවත්වන) අදේව (වෛදික දෙවියන් නොඅදහන), අබ්රහ්මන් (භක්තියක්නැති), අයඡ්වන් (බිළි පූජා නොපවත්වන), අන්යවෘත (ඔවුන්ගේම ක්රම අනුගමනය කරන) කළු පැහැති මිටි, පැතලි නාසා ඇති මෙම මිනිසුන්ගේ වාසස්ථාන මෙපරිදිය. පෘථිවි (පළල්), උර්වි (පැතිරුණු), ශතභූපී (අටළු සිය ගණනකින් යුත්), අශ්මන් (ගලින් තැනූ), මෙම සටහන අතිශය සිත් ගන්නා ලෙස හරප්පා කැණීම් සමඟ සමපාත නොවන්නේද? (උපුටා ගැනීම ජයසිරි ගුණසේකරගේ ඉන්දීය ඉතිහාස සමීක්ෂණ 46 පිට ඇසුරිනි.) එසේ නම් මෙම විස්තරය අදාළ භූගෝලීය කලාපය කුමක්? ආර්යන්ගේ සෘග් සාහිත්යයේම ඉන්ද්රගේ කියුම් කෙරුම් සමඟ සඳහන් කරන ගංගාවල නම් සහිත "නදීස්තුති" නැමැති වෙනම ගීතිකා පංතියකි. එහි සඳහන්

"
සප්තදින්ධව" හෙවත් සිංදු ගඟේ අතු ගංගාවල නම් කීපයකි. විතසනා (ජිලම්), අසක්කනී (චීනබ්), විපාෂ් (බීයස්‌), පැරුශ්නි නම් ඇත. මෙම භූගෝලීය විස්තරය අනුව, කළු පැහැති මිටි, පැතලි නාසා ඇති මෙම මිනිසුන්ගේ, සින්දු ගගේ අතු ගංගා අවට තිබූ අටළු සිය ගණනකින් යුත්, ගලින් තැනූ, බලකොටු නියත වශයෙන්ම 1922 සිට කණිංහැම් සහ ජෝන් මාෂල් ආදීන් හඳුනාගත් මොහොන්දෝ - ජාරෝ සහ හරප්පා නගර විය යුතුය. ඉන්දු නැමැති වෛදික ආර්යන්ගේ දෙවියා විසින් විනාශ කළ ජනතාව "දසුHqන්" ලෙස හැඳින්වූ කළු පැහැති ජනතාවකි. මෙම විස්තරය මොහොන්දෝ - ජාරෝ සහ හරප්පා නගරවලින් හමුවූ මානව විද්යාත්මක කරුණු සමඟ ගැලපෙයිද?

04.
ජෝන් මාෂල් ඉංදු සංස්කෘතියට අයත් ඇට සැකිලි පරීක්ෂා කර ඒවා වර්ග හතරකට වෙන් කර ඇත.

*
ඔස්ට්රොලොයිඩ් වර්ගය - ගන තොල් ඇති සිහින් මිටි සිරුරු ඇති මොවුන් දකුණු ඉන්දියාවේ මලය ගෝතිකයන්ට සමානය. ඉංදු ශිෂ්ඨාචාරයේ වැඩිපුරම හමුවූයේ මෙම වර්ගයේ සිරුරුය. ලෝකඩ නළඟනගේ රූපය ඔස්ට්රොලොයිඩ් කාන්තා රුවකට සමානය.

*
මධ්යධරණී වර්ගය - දිග හිස්පටු පැතලි නාසා ඇති සිහින් දිග සිරුරු ඇති මොවුන් මධ්යධරණී මුහුද අවට සිටි ජනතාවකි. මිසර ශිෂ්ඨාචාරය ගොඩනැගුවේද මොවුන්ය. කවන්ධ රුව මධ් ධරණී වර්ගයට අයත් රුවකට සමානය..

*
මොංගෝලියානු වර්ගය (- ඇසිපිය බර වූ මිටි සිරුරු ඇති මොවුන් චීන ජාතිකයන්ට සමානය. පූජක රුව මෙම මොංගෝලියානු වර්ගයට අයත් රුවකට සමානය.

*
ඇල්ෆයින් වර්ගය - පුරාණ ඇල්ෆයින් ප්රදේශවල මිනිසුන්ට සමානය.

(John Marshell Mohenjodoro and Indus Civilization - Vol 1 P 80)
මෙතැන ඇති මානව විද්යාත්මක අනාවරණය කිරීම අනුව මොංගෝලියානු වර්ගය හැර (ආර්යන් නෙවේ.) ඔස්ට්රොලොයිඩ් වර්ගය, මධ්යධරණී වර්ගය, කළු පැහැති ජනතාවකි. ඇල්ෆයින් වර්ගය සහ මොගෝලියානු වර්ග ආර්යන්ගේ දේහ ලක්ෂණවලට සමාන නැත. ආර්ය සිරුරු ඉංදු නිමිනයේ ඉහළ ස්ථරවලින් ලැබී නැත. මෙහි අදහස වන්නේ ඉංදු නිම්න ශිෂ්ඨාචාරය සක්රීයව පැවැති යුගය කුමක්වූවත්, එකල ඉංදු නිම්නයේ වෛදික ආර්යන් සිටි බව පිළිගත නොහැකි බවයි.

සෘග් වෛදික සටහන්වල භූගෝලීය විස්තරය අනුව එම ප්රදේශය සප්ත සිංදු ප්රදේශයයි. සප්ත සිංදු ප්රදේශයේදී ඉන්දු නැමැති වෛදික දෙවියා වැනසූ බළකොටු ඉංදු නිම්න ශිෂ්ඨාචාරයට අයත් නගර බව සිතිය හැකිය. මානව විද්යාත්මක අනාවරණය කිරීම අනුව පළල් වටකුරු හිස් සහිත වෛදික ආර්යන් ඉංදු නිම්නයේ ජීවත් වී නැත. එබැවින් ඉතාමත් නිරවුල්ව ඉංදු නිම්න ශිෂ්ඨාචාරය සෘග් වෛදික ආර්යන්ගේ නිර්මාණයන් නොවේ. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය සහ සෘග් සාහිත්යයෙන් පිළිබිඹුවන්නේ සංස්කෘතීන් දෙකකි. ආර්යයන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය බිඳවැටුණ මුල් කාර්තුවේදීම සප්ත සින්දු ප්රදේශයට පැමිණි ආගන්තුක විදේශකයන් පිරිසක්බව මෙතැන නිලීනවන පරම සත්යලෙස සිතමි.

ආර්යයන් ඉන්දියාවට ඇතුල් වූයේ කවදාද?

මෙකී ආර්යයන් ඉන්දියාවට ඇතුල් වූ කාලවකවානු ගණනය ඉතිහාසය ගොඩනැඟීමට අත්යවශ් දෙයකි. මෙම ගැටළුව විසඳාගැනීමට ඇති ප්රධාන සාධක දෙකකි.

1.
හරප්පා ශිෂ්ඨාචාරය විනාශ වූ කාලය ගණනය කිරීම.

2.
සෘග් වේදය ලියූ කාලය ගණනය කිරීම.

(
ඉන්දු නිම්නය බිඳ වැටීමෙන් පසු ප්රදේශයේ ජෝගාර් ජංගර් නම් ශිෂ්ඨාචාර දෙකක්ගොඩනැගුණු බවත් ආර්යයන් පහසුවෙන් පරදවන ලද්දේ එම ශිෂ්ඨාචාර බවත් මතයක්ඇත. නමුත් මෙය ශාස්ත්රීය ලෙස තහවුරු කර නැත.) කෙසේ නමුත් ඉන්දු නිම්නය විනාශ වූ අලුත එම ප්රදේශයට සංක්රමණය වූ ආර්ය ජනතාව ලියූ දැනට ඇති පැරණිම ආගමික ග්රන්ථය වූ සෘග් වේදය ඇසුරින් ආර්යාගමයේ දින ගණනය කරනු ලැබේ. ක්රි. පූ. 6 වන සියවස බෞද්ධ යුගය කාලවකවානුව නිශ්චිත වූ යුගයයි. ඊට පෙර උපනිෂද් යුගයයි. ඊට පෙර වීරකාව් යුගයකි. ක්රි. පූ. 1000-800 අතර යුගයක්සේ සලකයි. මීට පෙර බ්රාහ්මණ යුගයයි. මේ නිසා සෘග් වේදයේ සඳහන් යුගය ක්රි. පූ. 1500-1300 අතර කාලයක්සේ සැලකේ. මේ නිසා ක්රි. පූ. 1500 ආසන්න යුගයකදී ආර්යන් ඉන්දියාවට පැමිණ ඇත. අනෙක්අතට රේඩියේ කාබන් දින වකවානු ගණනය කිරීම අනුව, හරප්පා ශිෂ්ඨාචාරය විනාශ වූ කාලය ක්රි. පූ. 1500 - 1300 අතරයි. එබැවින් ක්රි. පූ. 1500-1300 අතර කාලය තුළ ආර්යන් ඉන්දියාව තුළ සිටි බව සිතිය හැකිය. ආර්යන් ඉන්දියාවට පැමිණියේ කොහෙන්ද? ඔවුන් ඉන්දියාවේම ජනතාවක්? යන ඉතිහාසය ගැටළු එකල මහත් සේ සංවාද ඇති කල දෙයකි. මෙම සාකච්ඡාව ශාස්ත්රිය පදනමක්සපයන ලද්දේ විලියම් ජෝන්ස්පඬිවරයාය. 1786 දී බෙංගාලයේ රාජකීය ආසියාතික සංගමයේ තෙවන සමුළුවට එතුමා සංස්කෘත භාෂාවේත් ඉංග්රීසි භාෂාවේත් සමානකම් සහිත වචන යුගල රාශියක්පෙන්වා දෙන ලදී. එය සංස්කෘතික භාෂාවට සමාන ඉංග්රීසි වචන මාලාවක්ග්රීක්ලතින් භාෂා සමඟ සැසඳීමකි.

භ්රෑ=Brow භූ = be භ්රාතර් = borther ශාලා = hall ශිලා = hill ශ්වේත = White (The works ofSir willam Jones, Ed, Teignmouth, London, reprint 1976, Vol. III)

මෙයින් පසු විවිධ භාෂාවන්ගේ සමාන වචන ගවේශණ කෙරුණි මේ සමගම තුලනාත්මක වාග් විද්යාවට නව විෂයක්බිහි විය. භාෂාවන් වර්ගීකරණය සඳහා විධිමත් ක්රම දෙකක්එහිදී හඳුන්වා දෙන ලදී. ඒවා නම් තුලනාත්මක විධිය (Comparative Method) අභ්යන්තරික ප්රතිනිර්මිතිය (Internal reconstruction) මේ අනුව සියලුම ඉන්දීය භාෂාවන් වර්ගීකරණය කළේ පොදු සමානකම් සහිත වචනවල අඩු - වැඩි කම් සලකා බලාය. එම වර්ගීකරණයට අනුව ආර්යන්ගේ භාෂාවන්ට සමාන වචන සහිත ප්රධාන උපභාෂා ගුරුකුල ඇත්තේ පහකි. ග්රීක්- ලතින් - ජර්මාන් - පර්සියා - සංස්කෘත එම භාෂා ගුරුකුල පහයි. මෙම සමාන කමට හේතුව කුමක්? ග්රීක්- ලතින් - ජර්මාන්- පර්සියා - සංස්කෘත භාෂා කතාකරන්නන්ගේ මුතුන් මිත්තන් ආදී යුගයක එකම තැනක එකම ජනතාවක්ලෙස ජීවත් වීමද? තුලනාත්මක වාග් විද්යාව පිළිබඳ පරීක්ෂණ දිගටම කරගෙන යන ලදී. මේත් සමඟම තව තවත් සමානකම් හමුවිය. ග්රීසියත්, ඉන්දියාවත් අතර මැද පර්සියාවේ ජනයාද ශරීර ප්රමාණයෙන් හා බාහිර පෙනුමෙන් මේ ඉංදු ග්රීක දෙපක්ෂයට සමරූපීය. ඔවුන්ගේ භාෂාවේ මූලික වචන ඉංදු භාෂාවට සමානය. මෙයට අමතරව සංස්කෘත, ග්රීක, ලතින්, ජර්මන්, ඉංග්රීසි, පර්සියන්Z, සිංහල ආදී භාෂා කතා කරන ජනයාගේ පුරාණ ඇදහිලි සහ ඥාති සබඳතා සහ සංස්කෘත කටයුතුවල මූලිකවූත්, පදනම්වූත් බොහෝ මූල වචනවල වාග් විද්යාත්මක සමානකම්ද හෙළිවිය. පහත දැක්වෙන්නේ එයින් ස්වල්පයකි.



(
බන්දු හේවාමුණසිංහ, සවිස්තර භාරතීය ඉතිහාසය) සංස්කෘත, ග්රීක, ලතින්, ජර්මන්, ඉංග්රීසි, පර්සියන්, සිංහල ආදී භාෂා කතා කරන ජනයාගේ හර පද්ධති විස්තර කරන මුල වචනවල මෙබඳු සමානකම් ඇති කළ හේතුව කුමක්? මෙම ජාතීන් ඉතිහාසයේ එක්යුගයක එකට ජීවත්ව පසුව බෙදී ගොස්වෙනත් ප්රදේශවල පදිංචි වූවන් නොවේද? යුරෝපයේ සහ ආසියාවේ ග්රීක්- ලතින් - ජර්මාන් - පර්සියා - සංස්කෘත භාෂා කතාකරන්නන්ගේ මුතුන් මිත්තන් මෙලෙස විසිරී ජීවත් වී නම්, ඊට පෙර කිසියම් අවධියක එකම ප්රදේශයක එකම ගෝත්රයක්ලෙස ජීවත්ව ඇති බව තාවකාලිකව උපකල්පනය කරන ලදී. මෙහි අදහස කිසියම් අවධියක එකම ප්රදේශයක වාසය කළ දෙකට බෙදී ආර්යයන් යුරෝපයට සහ ආසියාවට සංක්රමණය වී ඇති බවයි. යුරෝපයේ සහ ආසියාවේ ආර්යයන් යම් අවධියක එකම ප්රදේශයක වාසය කළේද එතැන "මාතෘ ආර්ය භූමිය" ලෙස හැඳින්විය. එම නිසා ආර්යයන් මුලින්ම (බෙදීයැමට පෙර) කතා කළ භාෂාව "ප්රාග් ඉන්දු - යුරෝපීය භාෂාව (Photo lindo - European Langugde) ලෙස සලකා භාෂා ගුරුකුලවල සමාන වචන ඇසුරින් එය ප්රතිනිර්මාණයට ප්රයන්ත දරා ඇත. මෙකී "මාතෘ ආර්ය භූමිය" කිසියම් තැනකවීද එතැනදී මෙකී භාෂාව ආර්යයන් භාවිත කරන්නට ඇත. ප්රාග් ඉන්දු - යුරෝපීය භාෂාවේ "කකුද් නිවර්තන ව්යංජන ශබ්ද" () එක්ගනයක "ක්‌" ලෙසත් තවත් ගනයක "ශ්" ලෙසත් ව්යවහාර කරයි. නිදසුනක්ලෙස ප්රාග් ඉන්දු යුරෝපීය භාෂාවෙන් සියය (100) සඳහා "ක්ම්තෝමි" (Kmtom) යනුවෙන් කියයි. ලතින්වල එය "කෙන්ට්රම්" ලෙස කියයි. සියය (100) සඳහා සංස්කෘත භාෂාවේ "ශත" ලෙසත්, ඉරාණිය භාෂාවේ එය "ශතම්" (Satam) ලෙසත් කියයි. මෙලෙස යුරෝපීය සහ ඉන්දු - ඉරාණීය ප්රදේශ දෙකෙහි එකම මාතෘ භාෂාවක පවතින වෙනස්කම් පොදුවේ සලකා අනුව කෙන්ට්රම් පවුල හා ශතම් භාෂා පවුල ලෙස වර්ග කළේය. මෙම වර්ග කිරීම අනුව, පර්සියා සංස්කෘත භාෂාවල ප්රභේද ශතම් භාෂා පවුලටද, ගී්රක්- ලතින් - ජර්මාන් භාෂාවල ප්රභේද කෙන්ට්රම් පවුලද අයත්ය. (විමල් ජී. බලගල්ලේ( සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, ග්රන්ථය ඇසුරිනි.")

මෙතැනින් පසු කිසියම් අවධියක එකම ප්රදේශයක වාසය කළ ආර්යයන් දෙකට බෙදී යුරෝපයට සහ ආසියාවට සංක්රමණය වී ඇති බව ඉහළ ශාස්ත්රීය අගයකින් සාකච්ඡා කරයි. යුරෝපයේ සහ ආසියාවේ ආර්යන් යම් අවධියක එකම ප්රදේශයක වාසය කළේද එතැන "මාතෘ ආර්යභූමිය" ලෙස හැඳින්විය.

මෙතැනින් පසු පොදුවේ සියලු වියත් පාර්ශ්ව ආදී යුගයක ග්රීක, රෝම, ජර්මන්, සංස්කෘත භාෂා කතාකරන ජනයාගේ මුතුන් මිත්තන් එකම භූමියක විසූ බව කියන ලදී. එම ජනයා පොදුවේ ආර්යයන් ලෙසත් හැඳින්වීය. දෙවනුව, එකී ආර්යයන්ගේ මුල් බිම වූ යම් තැනක්ඇත්ද, එතැනට අයිතිවාසිකම් කීමට ජර්මන්, ග්රීක, ඉන්දීය විද්වත්හු මහත් අරගලයක්පටන් ගත්හ. මේ සමඟ ආර්යය වචනය පිළිබඳවද නොයෙක්මතවාද එළිබැස්සේය. "ආර්ය" යන වචනයට මූලික වශයෙන් වාග් විද්යාත්මක සමානකම් සහිත නොයෙක්භාෂාවල වචන හමුවිය. මේ අතරින් "අරාරේ" යන ලතින් වචනය සීසෑම යන අරුත ඇත. මෙය ගොවිකමට සම්බන්ධ උදාර හෝ උත්තම වැනි අරුතක්ඇති බව පෙනෙයි. "අයර්" ලෙස පැරැණි අයර්ලන්තවාසීන්ද සැලකේ. තවද "අයිරේනු" (අයිරේනු ජාතියද) එම වචනය තද්භව වූ වචනයකි. පාරාසික භාෂාවේ "ආරිය" පදයත් පර්සියාවේ "අවෙස්ථා" ග්රන්ථයේ "අයිර්ය" වචනයත් සංස්කෘත භාෂාවේ "ආයර්ය" පදයත් ගත් විට එයින් අදහස්වන්නේ (පාලි භාෂාවෙන් "අරිය" ලෙස කෙලෙස්ප්රහීන කළ උත්තමයකු හෙවත් රහතන් වහන්සේ යන්න අදහස්වෙයි.) උසස්මිනිස්සු භක්තිමත්හු යන්න යන බව පෙනෙයි. (History of India - Sigha and Benerjee) මීට හේතුව ලෙස ඔවුන් භක්තිමත්ව ආගමික කටයුතු කළ බව විද්වතුන්ගේ පිළිගැනීමයි. කෙසේ වෙතත් ආර්ය වචනයෙන් උසස්- පූජණීය මිනිස් කොට්ඨාසයක්ලෙස ඔවුන්ම ඔවුන් හඳුන්වා ගෙන ඇති බව ඉතා පැහැදිලිය. මෙලෙස පොදුවේ හඳුන්වා ගත් ජනයා ආර්යයන් නම් ඔවුන්ගේ මුල් බිම කොහිද? මෙලෙස ආර්යන්ගේ මෘතෘ භූමිය සම්බන්ධ නොයෙක්මත බන්දු හේවාමුණසිංහ මහතා පෙළගස්වා ඇත.

1.
ආර්යන්ගේ මුල්බිම යුරෝපයයි - R.G. ලැතැම්

2.
ආර්යන්ගේ මුල්බිම රුසියාවේ ස්ටෙප්ස්- R.G. ලැතැම්

3.
ආර්යන්ගේ මුල්බිම ජර්මනියයි - G. කොසින්නා

4.
ආර්යන්ගේ මුල්බිම ඇල්ෆයින් ප්රදේශයයි - A.H. කීන්

Man past and present - A.H. Keene (P.505)

5.
ආර්යන්ගේ මුල්බිම ඉන්දියාවයි. D.S. ත්රිවේද ගංගනාත් ජහා සහ මජම්දාර්, ආර්යන්ගේ මුල්බිම ජර්මනිය ලෙස ඉදිරිපත් කළ මතය කොතරම් විනාශකාරීදැයි කිවහොත් හිට්ලර් පිරිසිදු ජර්මන් ජාතියට ලෝක ආධිපත් ලබාදීමට දෙවන ලෝක යුද්ධයක්කර කෝටි ගණනක ජනසංහාරයක්සිදු කළේය. මෙම ආර්යය මාතෘ භූමිය සම්බන්ධ ප්රධාන මත දෙකකි.

1.
ආර්යන්ගේ මුල්බිම ඉන්දියාවයි.

2.
ආර්යන්ගේ මුල්බිම ඉන්දියාවෙන් පිටතයි.

බන්දු හේවාමුණසිංහ, සවිස්තර භාරතීය ඉතිහාසය( 218-219)

පංඡාබයේ දේවිකා ගංගා ආශ්රිත ප්රදේශය ආර්යයන්ගේ මුල් භූමිය බව ඩී. එස්‌. ත්රිවේද මහතාගේ අදහසයි. ඉන්දියාවේ බ්රහ්මරිෂි ප්රදේශය බව ගංගනාත් ජහාමහතා පවසයි. ඔවුන් මෘතෘ ආර්ය භූමියේ අයිතිය ලබා ගැනම සඳහා ඉන්දීය ඉතිහාසයට ගැති බවකින් කරුණු ගොනුකර ඇති බව පෙනී යයි. සෘග් වේදය රචනා කර ඇත්තේද භාරතය තුළය. එම නිසා ඉන්දියාවෙන් පිටත ආර්යය මාතෘ භූමිය වූයේ නම් එම රටවල සෘග් සාහිත් වැනි ලේඛන නැත්තේ ඇයි? යන ප්රශ්නය අනස්ට්මැකේ මහතා ප්රශ්න කරන්නේ ඉන්දීය අංශයට වාසි සහගතවයි. (The vedic age page - 216) නමුත් මෙය සාධාරණ නොවේ. සෘග් වේදයට සපුරා සමානකම් සහිත ග්රන්ථයක්ලෙස පර්සියාවේ අවෙස්ථාව සැලකිය හැකිය. එසේම ග්රීක දේව පුරාණයේ දෙවිවරුද ජනකතාද සංකල්පීය ලෙස සෘග් අවෙස්ථා සාහිත්යය සමඟ සමපාත බව පිළිගත යුතුය. නැගෙනහිර බෙදුනු ආර්යයන් වූ ඉන්දු ඉරාණීය පාර්ශ්වය ගීතිකා සාහිත්යයක්ගොඩනගා ඇත. එය අත්හල විට ඔවුන් සතුව ඇත්තේ එකම දේව පුරාණයක්හා සම්බන්ධ ස්වාභාවික ඇදහීම්ය. ඉන්දු - ඉරාණීය පර්ශ්වය මෙය වෙනස්කළේ අතර මැද දී හමුවූ මොසපොතේමියානු ශිෂ්ඨාචාරයේ ආගමික සම්ප්රදායන් අනුකරණය කළ නිසා බව මගේ පුද්ගලික මතයයි. මොවුන් කල්තබා සකස්කරගත් නිගමනයක් සඳහා තර්ක කළා මිස මැදහත් කරුණු විශ්ලේෂණයකින් සාධාරණ නිගමනයක් එළිදක්වා නැත.

ලලීන්ද් සන්නස්ගම